Sunday, July 16, 2017

ඇරැඹෙයි කලාපයේ ළමා තරග

  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවන ළමා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වාර්ෂිකව පවත්වන සමෘද්ධි කැකුළු සමාජ සාහිත්‍ය සහ සංකෘතික තරගාවලියේ කරන්දෙනිය කලාප තරග කරන්දෙනිය ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

   ළමා සමාජ 15ක දරුවන් තම කුසලතා හා නිපුණතා සමාජගත කිරීමට මෙම තරගාවලිය අවස්ථාවක් කරගෙන තිබිණ. ප්‍රදේශයේ විශිෂ්ඨ ගුරු පිරිසක් වෙතින් දරුවන්ට අවශ්‍ය මග පෙන්වීම් හා උපදෙස් ලබා දෙමින් තරග විනිශ්චය කටයුතු සදහා සහභාගී වී සිටියහ.

   මෙහිදී සහභාගී වූ පිරිස ඇමතූ කරන්දෙනිය කලාපයේ සමෘද්ධි කළමනාකරු ජී. පියතිස්ස මහතා "අද අපේ දරුවන්ට ඔවුන්ගේ ළමාවිය සුන්දර ලෙස ගෙවන්න ඉඩක් නැහැ. මේ අධ්‍යාපනික තරගය නිසා දරුවන්ගේ අනෙකුත් සියළු අවස්ථා යටපත් වෙලා. කුමන බාධා තිබුණත් තමන්ගේ දරුවන් මේ තරගාවලියට උනන්දුවෙන් සහභාගී කල අපේ බල ප්‍රදේශයේ මව්පියන් වගේම අපේ සමාජ සංවර්ධන නිලධාරී ඇතුළු මගේ නිලධාරීන් සියළු දෙනාටම සහ කරන්දෙනිය ජාතික පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සහයෝගය ලබාදුන් සියළු දෙනාටම අපේ සමෘද්ධි කලාපයේ ගෞරවය පිරිනැමීමට කැමැතියි."

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment