Saturday, July 22, 2017

අලුත් අවුරුදු ගනුදෙනු වැඩ සටහනේ වැඩිම තැන්පත් ගෙන ආ නිළධාරීන් ඇගයීමට ලක්වේ


    පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙින්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු ගනුදෙනු වැඩ සටහන මෙවරද දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු කේන්ද්‍ර  කරගනිමින් පැවැත්වුණි. ඒ අනුව නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලද මෙම වැඩ සටහන ඉතා සාර්ථකව ක්‍රියත්මක විය. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ මෙන්ම අඩු ආදායම් ලාභීන්ගේ ද දැඩි උනන්දුවක් මේ සදහා ඇති වී තිබීම මෙවර දක්නට ලැබුණු විශේෂත්වයක් විය. එසේම අප නිළධාරීන් තුලද එම උනන්දුව සහ කැපවීම මෙන්ම දැඩි තරගකාරීත්වයක්ද තිබුණි. එම තත්වය නිසා මෙවර රුපියල් කෝටියකට ආසන්න මුදලක් අවුරුදු ගනුදෙනු තුලින් උපයා ගන්නට හැකිවීම විශාල ජයග්‍රහනයකි.⁣ 

   ඒ අනුව මෙවර අවුරුදු ගනුදෙනු වැඩ සටහනේ වැඩිම තැන්පත් ප්‍රමානයක් ගෙන එමින් සිය දක්ෂතා පෙන්නුම් කල පලමු සමෘද්ධි සංවර්ධන නිළධාරීන් දසදෙනා ඇගයීමකට ලක්කොට ඔවුන්ට ඇගයීම් සහතිකයක් ලබාදීමක් මෙවර නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සමෘද්ධි නිළධාරී මාසික රැස්වීමේදි සිදුවුණි. ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී අවුරුදු ගනුදෙනු වැඩ සටහන සාර්ථක කර ගැනීම සදහා කැපවීමෙන් කටයුතු කල සියලු නිළධාරීන්ට සිය ස්තුතිය පුදකරන්නට ප්‍රාදේශීය ලේකම් තුමා අමතක නොකළේය. එතුමා අතින් පෙර සේවා කාලය සහිතව ⁣දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ නිළධාරීන් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානයක්ද සිදු කරන ලදි. මූලස්ථාන කළමනාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය, කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතා, ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මිය, පිටිගල බැංකු කළමණාකාර ජී.වී. නන්දනී මහත්මිය ඇතුළු වසම් භාර සමෘද්ධි සංවර්ධන නිළධාරීන් මේ සදහා එක්ව සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment