Tuesday, August 29, 2017

“ දෙටුවර අභිමන් ” තෙවන ස්ථානය ඉමදුවට...........


      ශ්‍රි  ලාංකීය වංශ කථාව ඉතා රසවත් සේම වින්දනිය හා ගරු කොට යුතු එකක් බවට අප විශ්වාස කරමු. මෙකි වංශ කථාව තුල අප නොදත් එහෙත් අපේ මව්පියවරුන්, මුතුන් මිත්තන් දත් දෑ බොහෝ වේ. එහෙත් වර්තමාන සමාජයේ නවීන හා තාක්ෂණික දැනුම අතිමහත්ය. මෙම දැනුම වර්තමාන දරුපරපුර කෙසේ ග්‍රහණය කරගෙන ඇද්ද, ඒ තුල ඔවුන්ගේ අනාගත දැක්ම කෙබඳුද යන්න උරගා බැලිම සදහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව සමෘද්ධි කැකුඑ ළමා සමාජ ආශ්‍රයන් ග්‍රාමිය මට්ටමේ සිට ජාතික තලය දක්වා දීප ව්‍යාප්ත වු දැනුම මිනුම තරඟාවලියක් 2017 ජාත්‍යන්තර වැඩිහිටි උත්සවය පදනම් කරගනිමින් පැවැත් වෙයි.   

     එම උත්සවයට සමගාමිව  දැනුම මිනුම තරඟාවලියේ දිස්ත්‍රික් තරඟ පසු ගිය දා පැවති අතර ගාලු දිස්ත්‍රික් තරඟාවලිය  2017.08.10 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය හත් වන මහල ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. ඒ සදහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දහ හතරක කැකුඑ ළමා සමාජ දැනුම මිනුම කණ්ඩායම් සහභාගි වු අතර එම තරඟාවලියේ තෙවන ස්ථානය ලබා ගනිමින් ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි කැකුඑ ළමා සමාජ කණ්ඩායම පළාත් තරඟ සදහා සුදුසුකම් ලබා ගැනිමට සමත් විය.  මෙම අවස්ථාව සදහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා ඇතුඵ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් මෙන්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරින් හා කළමණාකරුවන් මෙන්ම දරුවන් දෙමාපියන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment