Friday, August 25, 2017

ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාස්කෘතිය හා සාහිත්‍ය තරගාවලිය සාර්ථකව අවසන්


   ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාස්කෘතිය හා සාහිත්‍ය තරගාවලිය අද දින (25) කළේගාන පියතිස්ස ආදර්ශ විද්‍යාලයේ දි සාර්ථකව පවත්වන ලදී . වයස් කාණ්ඩ 3 යටතේ තරඟ ඉසව් 14 පැවැත්වූ අතර මේ සඳහා කොට්ඨාශ මට්ටමින් ජයග්‍රහණය කරන ලද ළමා සමාජ සාමාජික සාමාජිකාවන් 600 කට අධික පිරිසක් සහභාගි වන ලදී.

    ගුරු උපදේශක වරුන් හා ගුරු භවතුන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල අත්දැකීම බහුල විනිසුරු මඩුල්ලක් විසින් තරග කටයුතු විනිශ්චය කළ අතර ඔවුන්ගේ අදහස වූයේ ඉතා හොඳ තරඟ කාරිත්වයක් දක්නට ලැබුණු බවයි.

    මෙම තරඟ කාරිත්වය ගායනා සහ නැටුම් තරඟ ඉසව් වල බහුලව දැක ගන්නට ලැබුනු අතර මෙවර තරගාවලියට නව තරඟ ඉසව් දෙකක් ලෙස එක්වූ  ගද්‍ය රචනා සහ පද්‍ය රචනා තරඟ ඉසව් දෙක සඳහා ද වැඩි තරඟ කරුවන් පිරිසක් එක්වී සිටිනු දක්නට ලදී.

    ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩි.එස්. විතානගේ මැතිනියගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් සමාජ සංවර්ධන අංශය තරගාවලිය සංවිධානය කර තිබුණු අතර කාර්යාල නිලධාරීන් සියලු දෙනාගේම මනා දායකත්වයක් ලබා දි තිබුණි.

    මෙම තරඟ ඉසව් වලින් පළමු ඉස්ථාන දිනා ගන්නා දරු දැරියන් එළඹෙන මස කොළඹදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා තරඟ සඳහා සහභාගි වීමට නියමිතය. මෙම අවස්ථාවට මාධ්‍යවේදී සේනක උබේසිංහ මහතා ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගි වී සිටින ලදී.

ප්‍රියන්ත කාරියවසම්
ගමන විශේෂාංග සන්නිවේද

No comments:

Post a Comment