Monday, September 25, 2017

පරිසර පිවිතුරු වැඩ සටහනක්


    දිනය 2017.09.22 වේලාව ප:ව:2.00 කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහඑදණ්ඩ සමෘද්ධි බැංකුවෙ සිරිත් පරිදි දෛනික කටයුතු සිදුවෙමින් පවතින අතර එක් වරම පිරිසක් අවට පිරිසිදු කරමින් පැමිණෙයි.

   කරුණු සොයා බැලීමේදී මෙම පිරිස අංක 91 කරන්දෙනිය උතුර වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන් බව දැනගන්නට ලැබිණි. එදින සමෘද්ධි ගම්මාන සමිතියේ මාසික රැස්වීම් දිනය විය. ප්‍රජාශාලා පරිශ්‍රය පිරිසිදු කිරීමට ශ්‍රමදානයක් පැවැත්විමට තීරණය කොට යාබදව පිහිටි සමෘද්ධි බැංකු භූමියද ඒ සමගම පිරිසිදු කිරීමට කල්පනා කල පිරිස කිසිදු පෙර දැනුම්දීමක් නැතිව පැමිණ වැඩ ආරම්භ කරන ලදි.

   එම අවස්ථාවේ බැංකුවේ සේවය කරමින් සිටි නිලධාරීන් කිහිප දෙනාද මෙම වටිනා අවස්ථාව ලබාදුන් වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීනී පි.එච්. ඉන්ද්‍රානි මහත්මිය වෙත සිය කෘතඥතාව පලකරන අතර ශ්‍රමදානයට එක්වී වැඩෙහි යෙදී සිටිනු දක්නට ලැබිණි.

   දිලිඳු කමෙන් එතෙර වීම උදෙසා තමන් සේවය ලබන බැංකුව මෙන්ම තමන්ගේ ජීවිතයේ බොහෝ හැරවුම් ලක්ෂයන් සනිටුහන් වූ ප්‍රජා ශාලාව අවට පිරිසිදු කිරීමට මෙසේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීම අපේ ප්‍රතිලාභී පිරිස තම ආකල්ප සිතුම් පැතුම් ආශ්‍රිතව ලබා තිබෙන ප්‍රගතිය හොඳින් පැහැදිලිවූ අවස්ථාවක් මෙසේ අපට අත්දකින්නට ලැබිණි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment