Thursday, September 28, 2017

අපිටත් පුළුවන්.......


  දකුණු පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කල ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ කලා උළෙල  2017. 09.28 දින ගෝනාපීලුවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.

   මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත වූ දරු දැරියන් හා වැඩිහිටියන් විසින් විවිධ කලා අංග ඉදිරිපත් කරමින් මෙම අවස්ථාව සදහා සහභාගී වූ ආරාධිතයන් ඇතුළු පිරිසගේ නෙතට කදුලක් එක්කරමින් කලා උළෙල වර්ණවත් කිරීම අතිශය සංවේදී අවස්ථාවක් බවට පත්විය.

   සමාජයේ ඉක්මන් අවධානය සදහා යොමුවිය යුතු මේ පිරිසගේ සැගවුණු දක්ෂතා මතු කරලීමට එම දරු දැරියන්හට දිවිමග කියා දෙන ගුරු භවතුන් විසින් මහත් පරිශ්‍රමයක් දරා තිබීම අගයකල යුතු කරණකි. 

  මෙම අවස්ථාව සදහා විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ සුපෙම් උයන ආයතනයේ ප්‍රධාන මව් තුමිය හා ගුරු භවතුන්, ගෝනාපීනූවල ආබාධ සහිත පුද්ගලයින්ගේ සංසදයේ සභාපති ඥාණසේන ගොඩගේ මහතා, දරු දැරියන්ගේ දෙමාපියන් හා භාරකරුවන්  කාර්යාලීය නිලධාරීන්ද  සහභාගී වූ අතර දකුණු පලාත් ආබාධ සහිත වූවන්ගේ සංගීත කංඩායමේ ඕගන් වාදන ශිල්පී මහෙන්ද්‍ර ප්‍රසාද් මහතා විසින් සංගිතය සපයන ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment