Tuesday, October 24, 2017

කරන්දෙණිය ග්‍රාම ලේකම් කාර්යාල 3 ක් සදහා රැ ලක්ෂ 60 ක්


   මම දැන් හිටපු ඇමති නමුත් පසුගියදා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මට ඇගැයීම් සම්මානයක් ලැබුනා. ඒ මම පසුගිය කාලෙ මට ලැබුණු අවස්ථාවන් යොදාගෙන කරන්දෙණිය සහ උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම ඇතුළුව ඉටුකරනු ලැබූ මහජන සේවාවන් ඇගයීම වෙනුවෙන්. ඒකයි මම මෙතන ඉන්න අපේ සමෘද්ධි, කෘෂි,ආර්ථික සංවර්ධන සහ ග්‍රාම නිළධාරී සියළුම නිලධාරීන්ට මතක් කරන්නෙ ඔබ හොඳින් කැපවීමෙන් වැඩ කලොත් කිසියම් හෝ මොහොතක ඔබට ඒ වෙනුවෙන් ලැබිය යුතු වටිනාකම ලැබේවි. හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා මෙසේ ප්‍රකාශ කලේ කරන්දෙණිය මඩකුඹුර ග්‍රාම ලේකම් කාර්යාලය සදහා මුල්ගල් තැබීමේ උත්සවයේදීය.

   එක් ග්‍රාම ලේකම් කාර්යාලයක් සදහා රුපියල් ලක්ෂ 20ක් බැගින් වැය කරමින් රුපියල් ලක්ෂ 60 ක් වැය කොට කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩකුඹුර, අගනකැටිය සහ වල්ඉගුරුකැටිය යන ග්‍රාම නිළධාරී වසම් වෙනුවෙන් ග්‍රාම ලේකම් කාර්යාල 3 ක් ඉදිකිරීමට මුල්ගල් තැබීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුවිය.

   වසමේ සියළු නිලධාරීන්ගේ සේවය එක වහලක් යටදී උසස් මට්ටමින් ප්‍රශස්ථ ලෙස මහජනතාව වෙත ලබාදීම තුලින් රාජ්‍ය සේවය පිලිබඳ මහජන ආකල්පයන්හි ධනාත්මක මට්ටමක් උදෙසා නිලධාරීන් මෙන්ම ජනතාව යොමු කිරීම මෙම වැඩපිළිවෙළහි අරමුණ බව ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී පැවසීය. 

   මෙහිදී මඩකුඹුර සිරි අභයතිස්ස මහ පිරිවෙන්පති පූජ්‍ය පණ්ඩිත ගිනිගල්පෙදෙසේ සුධ්ම්ම හිමියන්ද අදහස් දැක්වූ අතර මෙම වැඩසටහනේ ප්‍රජා දායකත්වය සපුරාලීමට ප්‍රදේශයේ සමාජ සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිස එක්ව කටයුතු කිරීම වැදගත් බව සිහිපත් කල සේක. රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment