Thursday, October 26, 2017

තරුණ අපිත් මතින් තොරයි.........


    තිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිදුන්ගේ “මතින් නිදහස් රටක්” ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව  ගෝනාපීනූවල සමෘද්ධි සමාජ සංවර්ධන අංශය හා යෞවන සමාජ බලමංඩලය විසින් සංවිධානය කරනු ලැබූ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් මතින් නිදහස් කිරීම අරමුණු කරගත් ”NO DRUGS අපි  YOUTH” මත් නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන 2017.10.25 දින ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙමගින් තරුණ දුවා දරුවන්ට මත් ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ආදීනව මෙන්ම සමාජයේ පිලිගැනීම කෙලෙසද යන්න දේශක මහතුන් විසින් සංවාදාත්මක කථිකාවක් තුලින්  මනාව අවබෝධ කර දෙන ලද අතර මත් ද්‍රව්‍ය නිසා අද සමාජයේ වටිනා තරුණ ජීවීත අකාලයේ අහිමි වී ගිය අවස්ථා හා තරුණ තරුණියන් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී දුක් විදින ආකාරය පිලිබදව මනා දැනුමක් ලබා දීමද සිදුකරන ලදි.

    මෙම වැඩසටහහන සදහා සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී තුමා, හික්කඩුව හා ගෝනාපීනූවල පොලිස් ස්ථානාධිපති වරුන්, හෙල්දි ලංකා අායතනයේ දිසිත්‍රික් වැඩසටහන් සම්බන්ධීකාරක, ADIC ආයතනයේ නිලධාරීන්,  ගෝනාපීනූවල තරුණසේවා නිලධාරී හා සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න යන මහත්වරුන් විසින් සම්පත් දායකත්වය සපයන ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනපීනූවල

No comments:

Post a Comment