Tuesday, October 31, 2017

මතින් තොර රටක් හදන්න යෞවන සමාජ සාමාජිකයින්ට කියාදේ


   අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ යෞවන සමාජ සාමාජිකයින් “මතින් තොර රටක් - NO DRUGS අපි YOUTH“ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017.10.27 දින දිප්පිටිය මල්පා විහාරස්ථානයේ දී පවත්වන ලදි. එම වැඩසටහන සඳහා යෞවන සමාජ ක්‍රියාකාරි සාමාජිකයින් හා පාසල් දරුවන් සහභාගි වු අතර දැනුවත් කිරීම සඳහා අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි උඩගෙදර මහතා සහ සමාජ සංවර්ධන සහකාර නිලධාරි එස්.ඒ.අයි. සුරවීර මිය හා අරණෘයක පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකතුමා ද සහභාගි විය.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment