Tuesday, June 5, 2018

සමෘද්ධි ගම්දොර ඇරඹෙයි


  ර්ථික හා අධ්‍යාපනික වශයෙන් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සවිමත්කි රීම තමාගේ එකම අරමුණ බව සමාජ සවිබල්ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.ඒ මහතා ඒ බව පවසා සිටියේ සමෘද්ධි ගම්දොර වැඩසටහන යටතේ මුලතිව්  මාන්තායි   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවති
වැඩසටහනකට එක්වෙමිනි.

   වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ දිළිඳු ජනතාව අතර මත්ද්‍රව්‍ය සඳහා නිවසේ ගෘහමූලිකයා ඇබ්බැහිවීම මත පවුලේ ආර්ථිකය බිඳවැටී ඇති බවත්, සමෘද්ධි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන නියමිත උපදේශනය යටතේ ගුණාත්මකව සිදුකිරීමෙන් ප්‍රතිලාභියා මෙන්ම, පවුලේ ආර්ථිකයද නගා සිටුවිය හැකි බවත්ය. එහෙයින් වඩාඋනන්දුවෙන්, කාර්යශීලීව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදුකරනලෙසට එහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. ඒ අතරම, ස්වයං රැකියා සඳහා ණය ප්‍රධානය කිරීමේදී ණය කොන්දේසී ලිහිල් කරමින් ලක්ෂ 05 සිට 25 දක්වා ඉදිරියේදී ණය ලබාදීම තුළින් ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට හැකිවනු ඇති බව පැවසූ අමාත්‍යවරයා ස්වයං රැකියා උපදෙස් වැඩමුළු පැවැත්වීමට කටයුතු කළ යුතු බවද කීය. සාමානන්‍ය පෙළ, උසස් පෙළ අධ්‍යාපනය හැදෑරූ තරැණයන්ට මෙන්ම, උසස් අධ්‍යාපන වරම් අහිමි වූ දරුවන්ට වෘතීය පාඨමාලා සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම තම අපේක්ෂාවබවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

   සමෘද්ධි බැංකුව ක‍්‍රියාශීලී ගුණාත්මකබවින් සේම, වඩා ආකර්ෂණියව නවීකරණය කරමින් වැඩි පොළී ප්‍රතිශතයක් වෙනුවට අඩු පොළී ප්‍රතිශතයකට ණය ලබා දීමේ අවස්ථා ඇති කිරීමේ ආදර්ශ ගම්මාන ඉදිරියේදී ඇති කරන බවත්, ඒ යටතේ කිරිගව ව්‍යෘපෘති ඇතුළු ගෘහස්ථ කර්මාන්ත තුළින් ග්‍රාමීය ආර්ථිකය, ජීවනෝපාය සංවර්ධනය සිදුකල යුතු බවද කීය.

   රටේ නිෂ්පාදනයට දායක වන ග්‍රාමීය ජනතාවට රුපියල් 50000ක මුදලක් ලබා දී සවිබලගැන්වීමට තමා බලාපොරොත්තු නොවන බවත්, ප්‍රතිලාභීන්ගේ දෛනික හා මාසික ආදායම වර්ධනය කෙරෙන නව ව්‍යාපෘති හඳුන්වා දී සමෘද්ධි ප්‍රතිලාභීන් දිරිගැන්වීමට නව ක්‍රමවේදයක් සකස් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මහපොලොව හා ගැටෙන මිනිසුන් වෙනුවෙන් රාජකාරීය දේවකාරියක්
මෙන් ඉටුකරන නිලධාරීන්ට උසස්වීම් හා ශීෂ්‍යත්ව පිරිනැමීමට ඉදිරියේදී කටයුතුකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරනය කළේය. ශිෂ්‍යත්වය, සාමාන්‍යෙපළ හා උසස්පෙළ හැදෑරූ ශිෂ්‍යන්ට සමෘද්ධි සංවර්ධන දෙපාර්තුව විසින් පිරිනමන ශිෂ්‍යත්ව මුදල සේම, ප්‍රතිලාභී දරුවන් ගණන වැඩිකිරීම තුළින් දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක්වීම තම අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

   මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටිටඹුවාව, මුලතිව්, මාන්තෛ, මැදවච්චිය, ඉකිරිගොල්ලාව යන ග්‍රමයන්හි සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ගැටළු මෙම සංචාරයේදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය. සමාජ සවිබලගැන්වීම් අමාත්‍යෘංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, අමාත්‍ය උපදේශක එච්.එල්.තිසේරා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ, යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් අමාත්‍යවරයා සමග මෙම සංචාරයට එක් විය.

No comments:

Post a Comment