Friday, June 29, 2018

ග්‍රාමීය රාජ්‍ය සේවයෙන් ආදර්ශයක්


  කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරිනුගේ වසමේ පදිංචි එච්.එච්.නන්දසේන මහතාගේ පවුල පරම්පරාවෙන් හිමිවූ පුංචි ඉඩම් කොටසේ මුළු ජීවිතකාලයම නිවසක් පිළිබඳව සිහින දකිමින් කටුමැටි පැලක ජීවත් වුනා.ඔහු සමෘද්ධි සහනාධාරලාභීයෙක් නිසා මෙම තත්වය වසමේ සමෘද්ධි නිලධාරී සී.පී. කුලතුංග මහතාගේ අවධානයට යොමුවුනා.

  වසමේ ග්‍රාම නිලධාරීනී සහ ආර්ථික සංවර්ධන නිලධාරීනීය ඔහු සමග එක්ව සමෘද්ධි සමාජ සංවර්ධන පදනමින් රු:20000 ක් ලබාගෙන නව නිවසක් ඉදිකිරීම ආරම්භ කලා. වසමේ ප්‍රාදේශීය සභා නියෝජිත කමල් හේවගේ ඔවුන් සමග එක්වුනා. ප්‍රදේශයේ සියළුම දෙනාගෙ උදව්වෙන් නන්දසේනගේ පවුල වෙනුවෙන් හොඳ සුන්දර පුංචි නිවසක් ඉදිවුනා. නිවසට අවශ්‍ය මූලික උපකරණ පරිත්‍යාග ලෙස ලැබුණ. හැමෝම එකතුවෙලා පුංචි උත්සවයක් සමග පසුගියදා නිවසට ගෙවැදුනා.
   
  රාජකාරි විෂයයන් 4ක ගමේ බලධාරීන් සියළු දෙනා එක් අරමුණක් වෙනුවෙන් එක්ව ක්‍රියාත්මකවීම මෙහිදී විශේෂයෙන් අගය කල යුතුය.

එල් පි වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දෙණිය

No comments:

Post a Comment