Thursday, July 26, 2018

සමෘද්ධියේ මුලිකත්වයෙන් කාන්තා හා ළමා හිමිකම් සුරැකීමේ සංසදයක්


   නොයෙකුත් හේතූන් මත හිංසනයට ලක්වන කාන්තාවන්ට හා විවිධ අපචාරයන්ට ලක්වු දරුවන්ට පිහිට වීමේ අරමුණින් රජයේ නිලධාරින් එක්වු සංසදයක් පසුගියදා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පිහිටවනු ලැබීය.

   පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මියගේ උපදෙස් මත මුලස්ථාන කළමණාකරු උපුල් නයනානන්ද මහතා සහ බැංකු කළමණාකරු  ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය  විසින් මෙය සංවිධානය කල අතර පරිපාලන  ග්‍රාම නිලධාරි එච්.එන්.සී. මල්කාන්ති මහත්මිය ඇතුලු ක්ෂේත්‍ර නිලධාරින් කීප දෙනෙකු ආරම්භක රැස්වීමට සහභාගි විය.

   හිංසනයට ලක්වන කාන්තාවන්ට හා දරුවන්ට රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීමෙන් සහන සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් එහිදි සාකච්චා කල අතර  ලබන අගෝස්තු මස තිස්  එක්වන දින වන විට කොට්ඨාශයේ මෙකි ගැටලුවලට මුහුන දුන් අය සම්බන්ධයෙන්  නිවැරදි තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ගත්හ. සමෘද්ධි නිලධාරීන් මාර්ගයෙන් වසම් මට්ටමින් මෙම තොරතුරු ලබා ගන්නා අතරම රාජ්‍ය නොවන සංවිධාන වල සහය ලබා ගනිමින් ඔවුන්ට නීති උපදෙස් ලබා දීමටත් ඉදිරි ජීවනෝපාය ව්‍යාපෘති සදහා ආධාර ලබා ගැනීමටත්  සාකච්ඡා කරන ලදි.ඉහත නිලධාරින්ට අමතරව රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රෙන්ඩ්ස්  ආයතනයේ කලමණාකරු බන්දුල විජේ සිංහ මහතා සහ ව්‍යාපෘති නිලධාරි එම්. එෆ්. සුප්‍රියා මෙනවියද මෙම අවස්ථාවට එක්විය.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment