කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සදහා තාක්ෂණික පුහුණුව ලබාදීමේ වැඩ සටහනක් පසුගියදා පුත්තලම මනල්තිව් ග්‍රාමයේදී සංවිධානය කර තිබිණි. සමෘද්ධි බැංකුවෙන් ණය ලබාගෙන සත්ත්ව පාලනය හා කෘෂි කර්මාන්තයේ යෙදෙන ව්‍යාපෘතිකරුවන් 50 දෙනෙකු පමණ මේ සදහා සහභාගි විය.
බටහිර දෙසින් පුත්තලම කලපුවටත් උතුරු දෙසින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම් වී ඇති මනල්තිව් ප්‍රදේශයේ ගම්වාසීන්ගෙන් බහුතරය සත්ත්ව පාලනය හා කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගෙන ජීවත් වෙති . එබැවින් කොම්පෝස්ට් පොහොර සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම හා ඒවා අලවිකර ගැනීම ඉතා පහසුවෙන් කරගත හැකිය.
මෙම ව්‍යාපෘතිය දියුනු කිරීමෙන් පසුව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා සිටින එලවළු ගොවීන්ට පොහොර අලවි කිරීමට අදහස් කර ඇති අතර එමගින් රසායනික පොහොර භාවිතය අවම කිරීමටත් වසවිස වලින් තොර ආහාර රටාවකට ජනතාව හුරු කිරීමටත් බලාපොරොත්තුවේ.
පුත්තලම ගොවිජන මධ්‍යස්ථානයේ කෘෂි උපදේසක නිලධාරින් මගින් මෙම පුහුණුව ලබාදුන් අතර පුත්තලම සමෘද්ධි බැංකු කලමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය හා මනල්තිව් වසම බාර සමෘද්ධි නිලධාරි එම්.පී,වි. බාලනාදන් මහතාද මෙම අවස්ථාවට එක්විය.
චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම