තිලෝගුරු බුදු පිියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් පිණිකහන සමෘද්ධි මුතු කැකුළු ළමා සමාජය සංවිධානය කල මල් දන්සැල වෙසක් පොහෝ දින (10) පස්වරුවේ සාදු නද දසත පිළිරුව් දෙන උතුම් පුජනීය වන්දනීය වු පිණිකහන බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. පිණිකහන බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගාලූ කෝරලයේ උප ප්‍රධාන සංඝ නායක, සද්ධර්ම කීර්ති ශ්‍රී ති්රපිටකවේදී ඇල්පිටියේ ධම්මික නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මල් දන්සැල ආරම්භ විණි.
මානෙල් මලින් හා ඉතා සුවඳ මලින් සකස් කල සොබා දහමට හානි නොවන දිරා පත් වන කොල වලින් සකස් කල මල් ඇසුරුම් කාගෙත් ඇගයීමට ලක් වන අයුරු දැක ගත හැකි විය.
මෙම අවස්ථාවට වසම් භාර නිලධාරි කපිල කාරියවසම්, ළමා සමාජයේ නිලධාරීන්, සමාජික සමාජිකාවන්, ළමා සමාජයට අනුග්‍රහය දක්වන පියුට පිස් ආයතනය නියෝජනය කල නිලධාරිනිය හා ළමා සමාජයේ සමාජික සමාජිකාවන්ගේ දෙමා පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විණි.
ප්‍රදිප් චන්දන නානායක්කාර
No comments:
Post a Comment