සම්බුදු තෙමගුල සමරමින් හැටන් තරුණ බෞද්ධ සංගමය අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි ආහාර බෙදාදි
සම්බුදු තෙමගුල සමරමින් හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ශිව සංවිධානය කරන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි ආහාර බෙදාදිම මෙවරද වෙසක් දිනයට පසු දිනයේ (11) සිදුකරන ලදි.මෙවර හැටන් හා අවට ගම්මාන වල පවුල් 500ක් උදෙසා සතියකට ප්‍රමාණවත් පරිදි සහල්,පොල්,පරිප්පු,මිරිස් ආදි ආහාර බෙදා දෙන්නාය.
එම සංගමය විසින් මෙවර එම පුණ්‍ය කර්මය සංවිධානය කරන ලද්දේ 30 වන වරටය .එමෙන්ම ප්‍රදේශයේ සරසවි වරම් ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිව්දෙනෙක් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රධානයද සිදුකල අතර දහවල් මහා සංඝරත්නය දොලොස්නමක් උදේසා ධානය පිරිකර පුජා කිරිමද සිදු කරන ලදි.
හැටන් නිග්රෝධාරිම විහාස්ථානාදිපති,මැදරට ප්රාධාන සංඝනායක මහගම විමල නායක හාමුදුරුවන් ඇතුව සංඝයාවහන්සේ විසින් ආගමික වතාවත් සිදුකල අතර තරුණ බෞද්ධ සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් වීරසුරිය ඇතුළු නිලධාරින් හා සමාජිකයින් මෙන්ම හැටන් නගරයේ සිංහල.දෙමළ මුස්ලිම් ප්‍රභූ හා සුභ පතන්නන් රැසක් එක්ව සිටියහ.
චන්දන ජයවීර
ගමන සන්නිවේදක - හැටන්
No comments:
Post a Comment