සමෘද්ධි ප්රතිලාභී මරණයක් සදහා සමාජ ආරක්ෂණ වන්දි මුදල ක්ෂණිකව ලබා දේ.
සමෘද්ධි ප්රතිලාභීන් සදහා ක්රියාත්මක සමාජ ආරක්ෂණ වැඩ පිලි වෙල යටතේ මරණයක් සිදුවූ වහාම අදාළ වන්දි මුදල එම පවුලට ලබා දීම ඉතා ඉක්මනින් සිදුවිය යුතුය.මන්ද නොසිතු මොහොතක සිදුවන එවන් මරණ නිසා ඔවුන් ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවයට පත් වන අවස්ථා බොහෝය.මරණ සදහා එය සිදු වී වැඩ කටයුතු අවසන් වීමට පෙර ඔවුන්ට හිමි සමාජ ආරක්ෂණ වන්දි මුදල ලබා දීමේ ක්ෂණික වැඩ පිළිවෙලක් නියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලීය සමාජ ආරක්ෂණ අංශය මගින් මේ වන විට ක්රියාත්මක වේ.නියාගම ප්රාදේශීය මහ ලේකම් එච්.බී.ජී.ප්රගීත් රසික කුමාර මහතාගේ මැදිහත් වීම මත සමාජ ආරක්ෂණ ලිපිකාර චම්පිකා නිරංජලී මහත්මියගේ උනන්දුව මත මෙම කටයුත්ත සාර්ථක වීඇත. 35 පොරවගම වසමේ ඉහල ගෙදර කන්දේ පදිංචි එච්.ජී. ඥණවතී මහත්මියගේ මරණය වෙනුවෙන් ඇය මියගිය දිනම රුපියල් 15000/= ක මුදලක්මිය ගිය අයගේ පුතා වෙත මූලස්ථාණ කළමණාකාර යූ.කේ. අනුලා මහත්මිය විසින් ලබා දුන්නාය. මෙම අවස්ථාවට නියාගම සමෘද්ධි ප්රජා මූල බැංකු වේ මුදල් අයකැමි සමන්මලී විතානාච්චි සහ වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී කේ.එච්.ජී.රත්නපාල යන මහත්ම මහත්මීන් සහභාගී විය.
බී.එච්.ඒ. ප්ර සන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම.
No comments:
Post a Comment