Tuesday, May 23, 2017

තොරතුරු දැනගැනීමේ පනත ගැන ගාල්ලේ දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ නිළධාරින් දැනුවත් කෙරේ

       වර්ථාමාන රජය විසින් පොදු මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් යහපාලනය අර්ථ නංවමින් ජනතාව වෙත වඩාත් විනිවිද භාවයකින් යුක්තව තොරතුරු ලබා ගැනීමේ අයිතිය සුරක්ෂිත කරමින් ඉදිරිපත් කල තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් හෝල් ඩී ගෝල් ශාලාවේදී අද (23) දා පැවැත්විනි.
      ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතාගේ උපදෙස් අනුව සංවිධානය කල මෙම වැඩසටහන් මාලවේ තුන්වැන්න මෙය වන අතර ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා විසින් මෙම දැනුවත් කිරිමේ වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන ලදි
     මේ සදහා සහභාගි වු සියඵම නිළධාරි මහත්ම මහත්මීන්ට තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධව දැනුවත් කිරීම සිදු කරන අතර ඒ තුලින් මහජනතාව වෙත සේවය සලැසීම පිලීබදවද නිළධාරින්ගේ වගකීම සම්බන්ධව අවධාරණය කරන ලදි. සහභාගී වු සැම නිළධාරියකුටම පනතේ පිටපත් ලබා දීමද මෙහිදි සිදු කරන ලද අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන සියඵම නිළධාරින් දැනුවත් කිරීමද මේ සමඟ අවසන් කොට ඇත. මෙම වැඩසටහනට නිලධාරින් සියයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

ඩී.ඒ.පී සුරංජිත්
 දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක -
 ගාල්ල

No comments:

Post a Comment