Thursday, June 1, 2017

අවුරුදු ගණුදෙණු වලින් පුත්තලම එකට



      ගමේ ඉතුරුම් ගමට යන තේමාව යටතේ ශ්‍රී ලංකා සමෘද්ධි දෙපාර්තුමේන්තුව මගින් සිංහල හා හිංදු අලුත් අවුරැද්ද ඉලක්ක කර පවත්වන ඉතුරුම් සතිය තුල  ක්‍රියාත්මක වෙමින්  දිස්ත්‍රික්කයේ බැංකු 48 පරදා වැඩිම මුදල් ප්‍රමාණයක් රැස්කර දිස්ත්‍රික්කයේ  ප්‍රථම ස්ථානය ලබා ගැනීමට පුත්තලම සමෘද්ධි බැංකුව  සමත්විය.
      ගිය වසරේ රු.  16385875 .00ක් රැස්කරමින් ප්‍රථම ස්ථානය ලැබු මෙම බැංකුව එම තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගනිමින් මේ වසරේ රැස්කල මුදල රු.23871682.00කි.මෙම ජයග්‍රහනය පිළිබදව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමා සහ පුත්තලම  ප්‍රාදේශිය ලේකම් තුමා විසින් සුභ පැතුම් එක්කල අතර බැංකු කළමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය අදහස් දක්වමින්  මෙම ජයග්‍රහනය ලබන වසරේදි ජාතික මට්ටම දක්වා වර්ධනය කරගන්නා බව පැවසීය.

චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment