Saturday, May 13, 2017

මත් නිවාරණය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳ වැඩසටහනක්

      මත් නිවාරණය හා තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳ වැඩසටහනක් පසුගියදා පෝද්දිවල නවෝද්්‍යා විද්‍යාලීය ශාලාවේදී පැවැත්වුණි. නියාගම සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ අනුග්‍රහයෙන් සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි. නියාගම අධ්‍යපන කොට්ඨාසයේ පාසැල් කිහිපයක 5 වසරෙන් පහළ සිසුන් ඒකරාශි කොට මෙම දැනුවත් කිරීම සිදුකෙරුණි.

    අන්තරායකර ඔෟෂධ පාලක මණ්ඩලයේ පුහුණු උපදේශක සචින්ත දසුන් මහතා මෙම වැඩසටහන මෙහෙයවන ලදී. සංගීතමය රසාස්වාදයද එක්කර ගනිමින් මෙම වැඩසටහන සිසු දරු දැරියන්ගේ සිතට කාවදින සේ ඉදිරිපත් කිරීම මෙහි විශේෂත්වය විය. විද්‍යාලීය විදුහල්පතිතුමන් සහ ආචාර්ය මණ්ඩලයේ සහයෝගය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලැබී තිබුණි.

බී.එච්.ඒ.ප්‍රසන්න
ප්‍රාදේශීය සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment