Friday, May 26, 2017

අධික වර්ෂාවෙන් ප්‍රදේශ රැසක් යටවේ

    මේ දිනවල නොනවත්වා ඇදහැලෙන අධික වැස්ස හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇත. නෙළුව, තවලම, නාගොඩ, නියාගම, බද්දේගම, ඇල්පිටිය, වැලිවිටිය සහ යක්කලමුල්ල කොට්ඨාස වලට වැඩි තර්ජනයක් මේ හේතුවෙන් ඇති වී ඇත. ගම්මාන රැසක් මේ වනවිට ගංවතුර තර්ජනයට ලක්වී ඇති අතර නිවාස රැසක් මුළු මනින්ම ජලයෙන් යටවී ඇත.

    මෙම  ප්‍රදේශවාසීන් පවසන්නේ  2003 වර්ෂයේ ඇතිවූ ගංවතුර තත්ත්වයට ආසන්න තත්ත්වයක් මතුවිය හැකි බවයි. මේ වන විට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ආපදා කළමනානරණ ඒකක වෙතින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දැක ගත හැකි අතර තව දුරටත් වැසි තත්ත්වය දිගින් දිගටම පැවතුන හොත් 2003 වර්ෂයේ ඇති වූ ගංවතුර තත්ත්වය අබිභවා යාහැකි බවට අනාවැකි පළකර ඇත.
මේ මොහොතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති රැස්වීමකිදී අනාවරණය වූයේ එම තත්ත්වය ඇතිවිය හැකි බැවින් ඒ සඳහා සුදානම් වීමට සියළුම ජනතාව අවධානයෙන් සිටියව යුතු බවයි. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගිං ගඟ දෙපස හා පහත් බිම්වල සිටින ජනතාව මේ වන විටත් දැනුවත් කර ඇති අතර ප්‍රාදේශීය ලේකම් වරුන් සිය නිලධාරීන් මඟින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රියන්ත කුමාර කාරියවසම්,
දිස්ත්‍රික් සන්නිවේදක,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
ගාල්ල.

No comments:

Post a Comment