සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන - මැදිරිගිරිය
මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 2016 සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව සම්මුඛ පරික්ෂණය පසුගිය 05 වෙනිදා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංක ආරච්චි මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන සමෘද්ධි කළමනාකරු එස්.එම්. දුරුතු කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මෙම සම්මුඛ පරික්ෂණය සදහා අයදුම් කරුවන් 115ක් පමණ සහභාගීවු බවත් මෙතෙක් සම්මුඛ පරීක්ෂණ සදහා වැඩිම දරු දැරියන් ප්‍රමාණයක් සහභාගීවුයේ මෙම වසරේ බවත්, 2014 වර්ෂයේ 70ක් පමණ සහභාගිවි 48 දෙනෙක් ශිෂ්‍යාධාර ලබා ගන්නා බවත්, 2015 වසරේදී 75 දෙනෙක් සහභාගිවි 39 දෙනෙක් ශිෂ්‍යාධාර ලබා ගන්නා බවත් මෙම සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන සාර්ථකව කරගෙන යෑම සදහා ප්‍රාදේශිය ලේකම් තුමා ඇතුළු මුලස්ථාන කළමණාකාර තුමියද කලාප කළමණාකාර මහත්ම මහත්මීන් ඇතුළු සමස්ථ කේෂත්ර සමෘද්ධි නිලධාරී නිලධාරී මහත්ම මහත්මින් ඉතා උනන්දුවෙන් සහයෝගය ලබා දෙන බව සමාජ ආරක්ෂණ විෂය ලිපිකරු වන ඩි. ඉදුනිල් ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරන ලදි.
ඩි.එමි.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
පොළොන්නරුව
No comments:
Post a Comment