ගාල්ල යක්කලමුල්ල තල්ගස්වල ප්‍රදේශයේ රෝග තත්වයකින් අසරණව තම පෙර පාසැල් වයසේ පසුවන දරුවා හා තම වියපත් දෙමාපියන් සමඟ අන්ත අසරණ තත්වයට පත්ව දිවි ගෙවු ඩේසි රම්‍යා මල්කාන්ති මහත්මියට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ නිලධාරින්ගේ දායකත්වයෙන් එක් කරන ලද ගෘහ උපකරණ හා වියලි අහාර ද්‍රව්‍ය ප්‍රධානය කිරීමක් දිස්ත්‍රික් සමෘද්ධී අධ්යක්ෂ දිස්නා සමන්මලී විතානගේ මහත්මියගේ සුරතින් සිදු විය.
ජීවත්වන්නට හිසට සෙවනක් අහිමිව සිටි ඇයට සමෘද්ධි දිරිය පියස වැඩ සටහන යටතේ නිවසක් තනා දෙන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත්ව ඇති අතර, අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්ද ඒ සමඟ ඇය වෙත ලබා දී ඇත. නිවස සදහා අවශ්‍ය කිසිදු ගෘහ භාන්ඩයක් ඇය සතුව නොතිබ්නි. තම දරුවා හා වියපත් දෙමාපියන් සමඟ එම නිවසේ ජීවත් වු ඇය හා පෙර පාසැල් වයසේ පසුවන දරුවා සදහා අවශ්‍ය ගෘහ උපකරණ පාසැල් උපකරණ හා වියලි ආහාර ද්‍රව්‍ය මෙම අවස්ථාවේදී ඇය වෙත පරිත්‍යාග කිරීම සිදු විය
ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ දිස්නා සමන්මලී විතානගේ මහත්මියගේ අදහසකට අනුව ක්‍රියාවට නැංවු මෙම සත් කාර්යය සදහා ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ නිළධාරින්ගේ දායකත්වය ලැබී තිබු අතර එම අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය අධ්යක්ෂ කපිල මාසකෝරාල නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එස්.ඩී කල්‍යාණී මහත්මිය ඇතුඵ නිළධාරින් පිරිසක්ද සහභාගී වි සිටියහ.
ඩී.ඒ.පී සුරංජිත්
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක
ගාල්ල
No comments:
Post a Comment