Friday, June 2, 2017

මෙවර දුම්වැටි හා මත්විරෝධි දිනය නව මුහුණුවරකින්

       සෑම වසරකම මැයි 31 දිනට යෙදෙන ජාත්යන්තර දුම්වැටි හා මත්විරෝධි දිනය පදනම් කරගෙන පවත්වනු ලබන කොඩි දින වැඩ සටහන මෙවර නව මුහුණුවරකින් ආරම්භ කර ඇත.   “ දුසිරිත දුරලමු නිති සතුට දෙමු නිරෝගි දැයක් බිහි කරමු ”  යන තේමාව යටතේ මැයි 31 දින සිට මසක් පුරාවට මෙම වැඩ සටහන ක්‍රියාත්මකවේ. මෙවර කොඩි සහ ස්ටිකර් අලෙවිය දිවිනැගුම ප්‍රජාමූල සංවිධාන හරහා සිදුවන අතර ලැබෙන අරමුදල් අදාල වසම තුලම අවශ්‍යම සුභසාධන කටයුතු සදහා යෙදවිමට අවස්ථාව ලැබේ.

       ඊට සමගාමීව ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ   දුම්වැටි හා මත්විරෝධි කොඩි දිනය මැයි 31 දින උදැසන ඉමදුව ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති මැතිණියට කොඩියක් පැලදවීමෙන් නිල වශයෙන් ආරම්භ විය. කොඩි පැලදවිම ඉමදුව අතිරේක ග්‍රාම නිලධාරි වසමේ ප්‍රජාමූල සංවිධානයේ සභාපතිතුමිය අතින් සිදු වු අතර දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සහ ඉන් මිදිමෙන් සමාජයට හා රටට අත්වන ආර්ථික හා සමාජ ප්‍රතිලාභ පිලිබද කෙටි දේශණයක් ප්‍රාදේශිය ලේකම් තුමිය විසින් කරන ලදි. ඉන් අනතුරුව ප්‍රජාමූල සමිති නිලධාරින් කාර්යාල පරිශ්‍රය තුල කොඩි හා ස්ටිකර් පිලිගැන්වීමේ කටයුතු ආරම්භ කරන ලදි. මෙම කෙටි උත්සව  අවස්ථාවට සමෘද්ධි මුලස්ථාන කලමණාකරු, සමෘද්ධි මහ සංගම් කලමණාකාර අධ්‍යක්ෂ , සමාද්ධි සමාජ සංවර්න සහකාර සහ  සමෘද්ධි මුලස්ථාන අංශයේ  සමෘද්ධී නිලධාරින් සහභාගි විය. 

නිශාන්ත සුදුසිංහ
  සමෘද්ධි සන්නිවේදක -
  ඉමදුව

No comments:

Post a Comment