Friday, June 2, 2017

අවතැන් මිනිසුන්ගේ බඩගින්න නිවා දමන කුස්සිය වු නියාගම සමෘද්ධි මහ සංගමය

      පසුගිය දින 25 වෙනිදා සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග නියාගම, තල්ගස්වල, පිටිගල ඇතුලු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවිය. එහි ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වූ අතර නිවාස ගණනාවක් ජලයෙන් යට විය. එම විපතෙන් කරදරයට පත් ජනතාවට පිහිට වීමට පෙරට ආවේ නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. එම විපත වූදා සිට මේ දක්වාම සිය සමාජ මෙහෙවර කාර්යාල සමස්ථ නිළධාරීන් හා එක්ව ඉටු කරන්නට නියාගම ප්‍රාදේශීය මහා ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර  මැතිතුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් චතුර මිහිදුම් මැතිතුමා ගත් උත්සාහය අති විශිෂ්ඨය. එය සමස්ත රාජ්‍ය නිළධාරීන්ටම ආදර්ශයක් වනවාට කිසිදු සැකයක් නැත. එසේම මෙම කාර්යාලය තුල දිවා රෑ නොතකා බත් පාර්සල් දහස් ගනනක් අවතැන්වූ අපේම  අසරණ ජනතාව වෙත පිරිනැමුවේ එම නිළධාරීන්ගේ දැඩි කැපවීම නිසාමය. 

      නියාගම සමෘද්ධි මහා සංගමය මේ වනතුරුත් එම කටයුත්ත සදහා උර දෙමින් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලබයි. විපත වූදා සිට මේ දක්වා මහා සංගම් ගොඩනැගිල්ල දහස් ගනන් වූ අවතැන් මිනිසුන්ගේ බඩගින්න නිවා දමන කුස්සිය බවට පත් විය. සිය රාජකාරිය ඉටු කරන ගමන් මෙම අසරන ජනතාවට පිහිට වන්නට සමස්ථ  ගොඩනැගිල්ලම ඒ වෙනුවෙන් ලබා දෙන්නට කළමණාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතා කටයුතු කළ අතර මූලස්ථාන කළමණාකාර යූ. කේ. අනුලා මහත්මියගේ නොමද සහයෝගයද මේ සදහා ලැබුණි. පිහිටක් අවැසි මොහොතක, පිහිටක් අවැසි අයකුට පිහිට වීම මිනිසුන් හැටියට අපගේ යුතුකමකි. ඒ සදහා එක්වූ කාර්යාල නිළධාරීන් සහ ප්‍රදේශවාසී සැමට මෙම උතුම් පිංකමට දායක වීම සම්බන්දයෙන් පුන්‍යානූමෝදනා කරමු.

බී.එච්.ඒ. ප්‍රසන්න.
 සමෘද්ධි සන්නිවේදක -
 නියාගම.

No comments:

Post a Comment