Monday, June 12, 2017

සමෘද්ධි සමාජ සජීවිකරණ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහනතුල
දිවිය ජයගත් දිරිය මිනිසුන් - 99 වේදේහපුර මැදිරිගිරිය
    මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් 99 වේදේහපුර ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සමාජ සජීවිකරණ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන 2006 වසරේදී ආරම්භ කරන ලද අතර, මෙම වසම පුහුණු හා පර්යේෂණ වසමක් ලෙස ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් තෝරා ගන්නා ලද්දේ වසමේ ඉඩම් පරිහරණය අක්කර ½ පමන වු සම්පත් අතින් ඉතා දුෂ්කර ජීවනෝපායක් ගත කරන බහුතර ජන කොටසක් සිටි බැවිනි.

    එවකට සේවය කල ප්‍රාදේශිය ලේකම් පි.බි. පබාශිලී මහත්මියගේ මගපෙන්විමේන් හා නායකත්වයෙන් මෙම වසමට සේවා මාරුවීමක් ලබාගෙන පැමිණි එම්.පි.ඩබ්. මල්කාන්ති මහත්මිය ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ විවධ පුහුණු හා මැදිහත්වීම් පිලිබදව මනා පුහුණුවීමකින් අනතුරුව නිලධාරීයකු වශයෙන් නොව මැදිහත් කරුවකු වශයෙන්, ගම හදුනාගැනීම, ඉලක්ක පිරිස හදුනාගැනීම, ඉලක්ක පිරිසගේ ප්‍රධාන ප්‍රශ්ණ ගැටළු හා අවස්ථා හදුනා ගැනීම,හදුනා ගන්නා ලද ප්‍රශ්ණ හා ගැටළු සදහා විසදුම් ඔවුන් හා සාකච්ජාකර ස්වශක්තියෙන් හා සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය භාවිතා කරමින් තමන්ම සවිබල ගැන්වීම පිලිබදව සුහද සාකච්ජා තුල,
1. විසිතුරු මත්‍ය වගාව                                2. කිරිගව පාලනය
3. ගොවි උපකරණ අළුත් වැඩියාව               4. යතුරු පැදි, ත්‍රීවිල් සේවා ආයතන
5. විසිතුරු මල් වගාව                                  6. සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන
7. ජංගම වෙළදාම
    මුඩු ඉඩම් ගෙවතු සංවර්ධනය ප්‍රධානව නිවසේ නිකරුනේ කාලය ගෙවූ කාන්තාවන් තම පවුලේ ආදායම් උත්පාදනයට විවධ වු ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති අතර මේ සදහා වසමේ මගපෙන්වන්නෙකු වශයෙන් කටයුතු කල සමෘද්ධි නිලධාරි මහත්මියගේ මගපෙන්වීමෙන් සමෘද්ධි දෙපාර්තමේන්තුව, සමෘද්ධි බැංකුව, මහවැලි අධිකාරිය, පශූ වෛද්‍ය ආයතනය, ගොවිජන සේවා ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මිල්කෝ ආයතනය, නාරා ආයතනය, විදාතා සම්පත් ආයතනය වැනි රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන් වල සහයෝගයෙන් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ආරම්භකර ඇති අතර මේ වන විට ඔවුන් තනිවම තම ජීවන ගමන ගෙනයෑම විශේෂත්වයක් ලෙස දැක්විය හැක.
    ජීවනෝපාය සංවර්ධනය මෙන්ම අධ්‍යාමික සංවර්ධනය, කණ්ඩායම් ඉතිරිකීරීම් පුද්ගල ඉතිරිකිරීම් සදහාද මෙම ග්‍රාමයේ ප්‍රජාව මහත් උනන්දුවක් දක්වන අතර ග්‍රාමයේ ප්‍රජාව පවසනුයේ සමාජ සජීවිකරණ වැඩසටහන තම ජීවින ගමනට තෝතැන්නක් වූ බවයි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment