අමතක නොකල FB මිතුරැ කම
ගං වතුර ගලපු දිනයේ සිට මේ මොහොත දක්වා අප සමග සිටි මිතුරැ මිතුරින් රැසකගේ උදවු ලැබිණි. එම උදව් උපකාර සමගින් ගමන මාධ්‍ය අංශය මගින් ප්‍රජා සත්කාර රැසක් සංවිධානය කිරිමට අපට හැකි විණි. එහි තවත් සත්කාරයක් අද දිනයේදී කහදුව පරම විසුද්ධාරාම පුරාණ මහ විහාරයේදී සිදු කෙරිණි.
ගං වතුරට හසුවී විනාශ වී ගිය පොත් වල අකුරැ, දැනුම අපට දෙන්නට නොහැකි උවත් පුංචි සිත් වලට පුංචි සතුටක් දෙන්නට අද අපට සැමගේ උදවු උපකාර නිසා හැකි විණි. වැලිවිටියේ වනරතන අපේ පොඩි හිමියන්ගේ අනුසාශනා හා මග පෙන්වීමෙන් ගමන සංස්කාරක ප්‍රදීප් නානායක්කාර හා ගමන කාටුන් ශිල්පී නාමල් චින්තක විසින් FB මිතුරැ මිතුරින් මගින් එකතු කර ගත් පාසල් උපකරන අද දිනයේදී දහම් පාසල් දරැවන් වෙත ලබා දීම කහදුව පරම විසුද්ධාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි.
නිශාන්ත කොඩිතුවක්කු
No comments:
Post a Comment