පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක සමෘද්ධි වැඩසටහන් පිළිබදව සමෘද්ධි ගමන රටටම කියද්දි පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතා සමාද්ධි ගමනේ ගමන් මග දැක සමෘද්ධි ගමනට සුභ පතන්නට එක් විණි.
අධ්‍යක්ෂක තුමා එතුමාගේ හඩ අවධිකලේ.......
සමෘද්ධි ගමන පිළිබදව මම අවදානය යොමු කලා මගේ පොළොන්නරුවේ විවිධ වූ සමෘද්ධි වැඩසටහන් සමෘද්ධි ගමනේ සටහන් වෙලා තිබුණා... ඒක මට හරිම සතුටක්, අපි මේ සමෘද්ධි ගමන ගමටම ගමේ දොර උළුවස්සටම අරගෙන යන්ඩ ඕනෑ, ගමින් ගමට දොරින් දොරට ගිහින් අහිංසක මිනිසුන්ගේ දුක කදුල හදුනාගෙන දහඩිය සුවදක් කර ඔවුන්ගේ අනන්ත වු ප්‍රශ්ණ ගැටළු, විවිධවූ බැදීම්, දක්ෂතා සහ කුසලතා හදුනාගෙන ඔවුන්ට උදව් කරන්ඩ ඕනෑ. අපේ රටේ මෙවැනිම අහිංසක මිනිසුන්ගේ අත්දැකීම් හුවමාරු කරගන්ඩ අවශ්‍යයි... ඒ සදහා දැන් අපට සමෘද්ධි ගමන ඉන්නවා... මම මාගේ සමස්ථ නිලධාරීන් හා බද්ධව සමෘද්ධි ගමනට සුභ පතනවා.... දහඩිය කදුල සුවදක් කර අනේක වූ දුක් විදින ජනතාවට සමෘද්ධි ගමන සුවදක් වේවා.....
නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමා එසේ කියද්දී ගමන යහපත් ගමනක් යන්නට සැරසෙන බව තහවුරු වීමෙන්, එතුමාගේ සියලු බලාපොරෙත්තු ඉටු වන්නට සමෘද්ධි ගමනට අපද හදවතින් සුභ ප්‍රාර්ථනා කරමු.
ඩි.එමි.පි.කේ.දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව
No comments:
Post a Comment