මැදිරිගිරිය 86 ගජබාපුර ග්‍රාම නිළධාරී වසමේ උදාර සහ ප්‍රගති සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන විසින් පසුගියදා “ දුගී බවෙන් මිදෙන්නේ කෙසේද.... ? දුප්පතුන්ට කුඩා කණ්ඩායමක් අවශ්‍ය ඇයි..? ’’ යන තේමාව මුල්කරගෙන සමාජ සජීවිකරණ පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදි.
විඩියෝ පට උපයෝගී කරගෙන මෙම වැඩසටහන් පැවැත්වූ අතර කණ්ඩායම් වලට බෙදී තමන් විසින්ම දුගී බවට විසදුම් සෙවූ අතර, විවිධවූ බැදීම්, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන නොගැනීම, අඩු ඉතිරිකිරීම්, සෘණ ආකල්ප, භාර්යාව නිකරුනේ කාලය ගෙවිම, අලසකම, මනා කළමණාකරනයක් නොමැතිකම, ආත්ම විශ්වාසයක් නොමැතිකම, විවධවූ සම්පත් සොයා නොගැනීම, වැනි දුගී භාවයට හේතු ඔවුන්ම සොයා ගන්නා ලදි.
දුප්පතුන්ට කුඩා කණ්ඩායමක් අවශ්‍ය වන්නේ ඇයි යන්න සාකච්ජාවේදී ඔවුන්ගේ ජීවන ගැටළු තනි තනිව විසදා ගැනීමට නොහැකි වීම, බිද වැටී ඇති සාමූහිකත්වය වර්ධනය කර ගැනීම හා සාමූහිකත්වය නිෂ්පාදන ක්‍රියාවලියට බද්ධ කර ගැනීම, යටපත් වූ ශක්තීන් වර්ධනය කර ගැනීම, මෙතෙක් බිහිවි ඇති සංවිධාන වලින් දුප්පතුන්ගේ ගැටළු වලට විසදුම් නොලැබීම වැනි කරුණු මෙම පුහුණු සැසියේදී සාකච්ජාවට භාජනය කලේ පුහුණු සැසියට ආරාධනා ලැබ සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරී, සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක ඩි.එම්.පි.කේ. දිසානායක මහතා විසිනි.
එම්.පි.ඩඩ්. මල්කාන්ති
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය
No comments:
Post a Comment