සමෘද්ධි මාපිය වන්දනා
පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමාජ සංවර්ධන පදනම හා සමෘද්ධි මුලස්ථානය එක්ව සංවිධානය කල මාපිය වන්දනා වැඩසටහනක් පසුගියදා පුත්තලම සෙල්ලකන්දල් විදුහලේදී පැවැත්විය. පුත්තලම ප්‍රාදේශිය ලේකම් චන්දන වන්නිනායක මහතාගේ උපදෙස් අනුව පැවැත්වු මෙම වැඩසටහනෙහි අරමුන වුයේ පිරිහෙමින් පවතින සාරධර්ම නගා සිටුවීම වැඩිහිටියන්ගේ අගය දරුවන්ට කියා දීම හා දරුවන්ගේ මානසික තත්වයන් දෙමාපියන්ට වටහා දීමය. ප්‍රදේශයේ දරුවන් 30 දෙනෙකු, වැඩිහිටියන් 30 දෙනෙකු සහ සමෘද්ධි සමිති සාමාජිකයින් 25 දෙනෙකු පමණ මේ සදහා සහභාගිවු අතර මුලස්ථාන කලමණාකරු උපුල් නයනානන්ද මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවිය.
පුත්තලම සහකාර ප්‍රාදේශිය ලේකම් එස්.ඒ. වීරසුරිය මහතා පරිපාලන ග්‍රාම නිලධාරි එස්. මල්කාන්ති මහත්මිය සමෘද්ධි බැංකු සමිති කලමණාකරු ඩී.එම්. ධර්මවීර මහතා සහ කළාප කළමනාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
ගමන සන්නිවේදක
පුත්තලම.
No comments:
Post a Comment