Saturday, June 17, 2017


අළුත් අවුරුදු සමයේ තැන්පතු එක් රැස් කිරීමේ මුල් තැන බද්දේගම ට
    සිංහල අළුත් අවුරුදු  නැකතට කීයක් හෝ ඉතිරි කිරිමට අපේ රටේ බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ පෙර කාලයේ පටන්මය.  ඇති හැකි අය පමණක් නොව එදි නෙදා කුලි වැඩ කර ජීවිකාව ගෙවන උදවිය ද මෙම නැකත් අනුව හැකි මුදලක් ඉතිරි කරනුයේ වසර පුරාම එයින් වැඩි ඉතිරි කිරීම් සදහා අනුබලයක් සපයන බවට ඇති විශ්වාසය නිසාමය. සමෘද්ධි බැකු පද්ධතිය හා අත්වැල බැඳ ගෙන සිටින්නේ ද ලංකාවේ අඩු ආදායම්ලාභීන් බැවින් මෙම ඉතිරි කිරීමේ පුරුද්ද සෑම වසරකම සිදු කිරිමට සිය ගණුදෙනු කරුවන් වෙත අවස්ථාවක් සලසා දිමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

     ඒ අනුව 2017 වර්ෂයේ ද පසුගිය සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ සිය පාරිභෝගික ජනතාවට විවිධ ඉතිරි කිරිම් සඳහා ඉඩකඩ විවෘත කළ අතර අප්‍රේල් 17 වන දිනය ඒ   සඳහාම වෙන් කර දී තිබුණි. ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මඟින් සිදු කරන ලද දැනුම්වත් කිරීම් අනුව සමෘද්ධිලාභින් සහ අඩු ආදායම්ලාභින් සිය ඉතිරි කිරීම් සිදුකළ අතර එම ඉතිරි කිරිම්වල ප්‍රමාණයන් විශ්ලේෂණය කරමින් ඊයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය වූයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 අතුරින් වැඩිම මුදලක් එකතු කළ කොට්ඨාසය ලෙස ඇගයීමට භාජනය වූයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි.
දෙවන ස්ථානය හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් තෙවන ස්ථානය හබරාදූව කොට්ඨාසයට හිමිව තිබුණි. දිස්ත්‍රික්කයේ සමෘද්ධි  බැංකු 68 ක් විසින් මෙම අරමුදල් එක්රැස් කිරීම සිදුකළ අතර එහි මුළු එකතු කිරීම් රු.මි.188 ක් ඉක්මවා තිබුණි. එය 2016 වර්ෂයේ රැස්කළ මුදලට වඩා රු.මි.54 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. සමස්ත මෙම මුදලින් රු.මි.24 ක් බද්දේගම කොට්ඨාසයෙන් රු.මි.20 ක් හික්කඩුව කොට්ඨාසයෙන් සහ රු.මි.17 ක් හබරාදූව කොට්ඨාසයෙන් එක් රැස් කිරීම හේතුවෙන් එම කොට්ඨාස විසින් මෙම ජයග්‍රහණ අත් කර ගෙන තිබුණි.

      මෙහි තවත් එක් සුවිශේෂත්වයක් වූයේ බද්දේගම කොට්ඨාසයේ සමෘද්ධි බැංකු 5 ක් ස්ථාපිතව ඇති අතර එම සියල්ලේම එකතු කළ මුදල රු.මි.24 න් රු.මි.11.93 ක් හෙවත් 48.5% ක්ම  ඇල්ලකන්ද සමෘද්ධි බැංකුව විසින් එක් රැස් කර තිබීමයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ වැඩිම මුදලක් එකතු කළ බැංකුව ලෙස ඇල්ලකන්ද බැංකුව ඇගයීමට ලක් වූ අතර එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් හබරාදූව කොට්ඨාසයේ උණවටුන බැංකුවත් , හික්කඩුව කොට්ටාසයේ රත්ගම සමෘද්ධි බැංකුව විසිනුත් හිමි කර ගන්නා ලදි. ඒ පිළිවෙළින් රු.මි.7 ක් සහ 5 ක් ඒකරාශී කරමිණි.

      මෙම වැඩසටහන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ සංවිධානයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මැතිතුමාගේ මඟ පෙන්වීම මත දිස්ත්‍රික්  සමෘද්ධි අධ්‍යක්ෂිකා දිශ්නා සමන්මලී විතානගේ මැතිණියගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු කළමනාකරුවන් හා සංවර්ධන නිලධාරීන්ගේ කැපවීමෙන් සිදු කරන ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්.
ගමන විශේෂාංග සන්නිවේදක












No comments:

Post a Comment