Wednesday, June 7, 2017

ගිනිගත්හෙන් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් නාය යයි

  ගිනිගත්හෙන් ප්‍රදේශයේ එක් ස්ථිර ගොඩනැගිල්ලක් නාය ගිය බවත්, තවත් දෙමහල් ස්ථිර ගොඩනැගිල්ලක් ගිලා බසිමින් පවතින බවත් ගිනිගත්හේන පොලිසිය පවසයි.
    ගිනිගත්හේන - පේරගහමුල ප්‍රදේශයේ  මහවැලි ගංගාවට ඉහලින් පිහිටි හැටන් කොළඹ ප්‍ර‍ධාන මාර්ගයට යාබදව ඉදිකර තිබෙන ස්ථිර කඩ කාමරයක් (06) අද ප.ව 5.10 ට පමණ නාය යමකට ලක්ව තිබේ. එමෙන්ම එම ස්ථානයේ පිහිටි තවත් දෙමහල් ස්ථිර ගොඩනැගිල්ලක් ගිලා බසිමින් තිබෙන අයුරු දක්නට ලැබේ.
      එම නාය අවධානම නිසා එම ප්‍රදේශයට පහලින් පිහිටි පේරගහමුල ගම්මානයේ පදිංචිව සිටි පවුල් හයක් ආරක්ෂාව සදහා ආරක්ෂිත ස්ථානවල පිහිටි ඔවුන්ගේ ඥාතිාන්ගේ නිවාස වෙත තාවකාලිකව නවාතැන් ගැන්වීමට කටයුතු කල බව ගිනිගත්හේන පොලිස්ථානාධිපතිවරයා පවසයි.
ගොඩනැගිල්ල නාය ගිය හා ගිලාබසිමින් ඇති ස්ථානය හා මාර්ගය අවට පුපුරා ගිය ප්‍රදේශය අනාරක්ෂිත ස්ථිනයක් ලෙස සලකුණු කරමින්  ප්‍ර‍ධාන මාර්ගයේ එක් පසකට පමණක් වාහන ධාවනය කිරිමට කටයුතු සැලසිමටත් උද්ගතවු තත්ත්වය පිළිබදව නුවරඑළිය දිස්ත්‍රික්  ගොඩනැගිලි හා පරයේෂන සංවිධානය වෙත දැනුම් දිමටත් ගිනිගත්හේන පොලිසිය පියවර ගෙන තිබේ.

චන්දන ජයවීර
ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment