Monday, July 24, 2017

අවුරුදු උත්සවය හා සුහද හමුව සදහා වැය කිරිමට තිබු මුදලින් ගංවතුරෙන් විනාශ වු පාසල් නවීකරණය


   අවුරුදු උත්සවය හා සුහද හමුව සදහා වැය කිරිමට තිබු මුදලින් ගංවතුරෙන් විනාශ වු පාසල් විද්‍යාගාරය නවීකරණය කිරිම සහ උපකරණ සපයා දිමට ලංකා විදුලිය බල මණ්ඩලයේ මධ්‍යම පළාත් සුභ සාධක සංගමය පියවර ගෙන තිබේ.

   ඒ අනුව පසුගිය දා ගංවතුරෙන් විනාශයට පත්වු රත්නපුර අයගම ප්‍රාදේශය ලේකම් කොට්ඨාශයට අයත් මැදගලතුර සිංහලගෝඩ විදයාතලයේ විදයාගාරය නවීකරණය කර දි ඇත. ගංවතුරෙන් හානියට පත් ගොඩනැගිල්ල නවීකරණය කිරිමෙන් පසු විද්‍යාගරයට අවශ්‍ය අන්වික්ෂ ඇතුළු උපකරණ, ලිපි ද්‍රව්‍ය ,පරිඝනක තුනක්, පුස්තකාලයට පොත් පත් 600ක් පමණ හා විද්‍යාලීය තූර්ය වාදක කණ්ඩායමට සංගීත භාණ්ඩ කිපයක්ද සපයා දෙනු ලැබීය.

   පිළිසකර කිරිමෙන් පසු පසුගිය දා (17) සිසු අයිතියට පවරා දුන් අතර එම අවස්ථාවට සුභසාධක සංගමයේ සභාපති ගිනිගත්හේන විදුලි ඉංජින්නේරු පි.එන්. දිසානායක මහතා මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍යා අධිකාරි එම්.ආර් රනතුංග, රත්නපුර නියෝජ්‍ය, සාමාන්‍ය අධිකාරි රෝහිත ජයන්ත මහත්වරු ඇතුළු සාමාජික සාමාජිකාන් පිරිසක් හා එම විද්‍යාලයේ විදුහල්පති ඒ.එස්. සමන්ත ධර්මදාස මහතා ඇතුළු ගුරුභවතුන් හා සිසු සිසුවියන් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment