Sunday, July 23, 2017

දරුවන්ගේ දස්කම් මතුකලා


    ජාතියේ දරුවන් විශිෂ්ඨ පුරවැසියන් කරන්න සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අතර ප්‍රධාන තැනක් කැකුළු ළමා සමාජ වැඩසටහනට ලැබේනවා. සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ ප්‍රධාන අවධානය වසම් මට්ටමින් ළමා සමාජ වැඩසටහන ක්‍රියාත්මක වෙනුවෙන් යොදවා තිබෙනවා. ළමයින්ගේ ළමාවිය ළමයින් ලෙස ගෙවන්න දරුවන් යොමු කරමින් ළමයින්ගේ නිපුණතා දක්ෂතා ඉස්මතු කරමින් නිපුණ ළමා ලොවක් නිර්මාණය කිරීමට මෙම වැඩසටහන උපයෝගී වී තිබෙනවා.

   ඒ අනුව රටපුරා ක්‍රියාත්මක සමෘද්ධි කැකුළු ළමා සමාජ සාහිත්‍යය හා සංස්කෘතික තරගාවලියේ කරන්දෙනිය ප්‍රාදේශීය තරග පසුගියදා කරන්දෙනිය ජාතික පාසලේදී පැවැත්විණි. කරන්දෙනිය මූලස්ථාන සමෘද්ධි කලමණාකාර තිලක් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බැංකු සමිති කලමණාකාර අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් සහ කලමණාකරුවන්ගේ සංවිධායකත්වයෙන් පැවැති තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස ප්‍රදේශයේ නිපුණතා පිරි විශය ගුරු පිරිසක් යෙදවීමට සමාජ සංවර්ධන අංශය කටයුතු යොදා තිබිණි.

   දරුවන්ගේ ඉදිරිපත් කිරීම්වලට නවතාවයන් එක් කරමින් දුර්වලතා අඩුපාඩු පෙන්වාදීමටද එම ගුරු පිරිස කටයුතු කිරීම ප්‍රශංසා කලයුතු කාර්යයකි. විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීමද මෙහිදි අගය කලයුතුය.

   සරල ගී ගායනා, ජන ගායනා, ශාස්ත්‍රීය ගායනා, කථික නිවේදන හා චිත්‍ර ඇතුළු දරුවන්ගේ සියළු හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාවන් ලැබේන අයුරින් තරගාවලිය සංවිධානය කිරීමට සමෘද්ධි සමාජ සංවර්ධන අංශය කටයුතු යොදා තිබිණි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment