Sunday, July 30, 2017

සමෘද්ධියයි....... මහවැලියයි...... දිවියට දිරියක් සොයන ජානකී


    මැදිරිගිරිය දිරිය මිනිසුන් සොයා ගිය ගමනේදී සමෘද්ධි ගමනට හමුවූ තවත් දිරිය ලියකි පි.ජි. ජානකි ඉරේෂා මහත්මිය 97 වෙඩිකච්චිය සමගිපුර පහල කොටසේ පදිංචි ඇය නිවසට වී නිකරුනේ කාලය ගෙවූ අතර ඇයගේ ස්වාමියා දෛනික කුලී වැඩ කරමින් පවුලේ බර කරට ගෙන සිටි අයෙකි. ජානකීද අදයට දේශීය කිරි ගවයෙකු බැලූ අයෙක් වන අතර සමෘද්ධි වැඩසටහනට සම්බන්ධවී 2015 ජීවනෝපාය චක්‍රීය ණය වැඩසටහන මගින් රුපියල් 75000/-ක ණය මුදලක් ලබා ගැනීම සදහා මගපෙන්වා ඇත්තේ සමෘද්ධි සංවර්ධන නිලධාරී එම්.ජී. අතුල සිරි කුමාර මහතා විසිනි. එම මුදල් සහ තමාගේ ඉතිරිකිරිම් මුදල් යොදවා තමාටම කිරි ගවයෙක් ලබාගත් ජානකි දැනට කිරි ගවයින් 07 දෙනෙකුගේ හිමි කාරියෙකි.

   මේ දක්වා රුපියල් 35000/-ක පමණ මාසික කිරි ආධායමක් ලබාගත්තද දැනට කිරි අවාරය බැවින් ලබා ගනුයේ දිනකට කිරි ලීටර් 04 පමන වන අතර රුපියල් 7500/-ක මුදලක් වුවද කිරි ශිතකරණයක් ගමට තිබිමෙන් මෙම මුදලද දෙගුණ කර ගැනීමට හැකි වන බව ඇයද පවසයි.

    මහවැලි සංවර්ධන අධිකාරිය මගින් කිරි ගවගාල සදහා රුපියල් 50000/-ක ආධාර මුදලක් ලබාදී ඇති ඇතර ජානකීගේ ඉදිරි බලාපොරොත්තු වනුයේ කිරි දෙනුන් 25 පමණ ඇති කර එය තම ස්වාමියාට පවරා තම ස්වාමියා වෙනත් තැන්වල කුලියට යෑම නතර කිරිමයි.

   එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සදහා පලමු පියවර වශයෙන් රුපියල් ලක්ෂ 02ක පමණ ණය මුදලක් සමෘද්ධි බැංකුවෙන්ද, සමෘද්ධි ජීවනෝපාය වැඩසටහනින් රුපියල් 50000/-ආධාරයක් සහ මහවැලි සංවර්ධන අධිකාරියෙන් කිරිගව ප්‍රධානයන්ද අපේක්ෂා කෙරේ.

එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment