Monday, July 31, 2017

සමෘද්ධීයෙන් බුලත් ගමක්

    
   ගාලු දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රතඹලා කැටිය, උඩුවැල්ල, ඇල්ල ඉහල යන ග්‍රාම නිලධාරි වසම් තුනක දැනට බුලත් වගා කරන ගොවින් 150ක් පමණ තෝරා ගෙන බුලත් ගමක් නිර්මානය කිරිමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.  මෙම වසම් භාර සංවර්ධන නිලධාරීන් වන නීල් ජයලත් මහතා, එම්.ජි. විනීතා මහත්මිය ව්‍යාපෘති කලමනාකරු ආනන්ද මායාකඩුව මහතා, සහකාර ව්‍යාපෘති පියල් මහතා සමග මුලස්ථාන කලමණාකරු අනුර මහතාගේ අධීක්ෂණය යටතේ ගොවි මහතුන් තෝරා ගැනීම සිදුකර ඇත. 
   
   ලක්ෂ 70 ක මුදලක්  සමෘද්ධි ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතිය සදහා වෙන්කර ඇත. ව්‍යාපෘතියට සම්බන්ද වන   ගොවින්ගේ අවශ්‍යතා හදුනාගෙන  ද්‍රව්‍යම , මූල්‍යමය ආධාර  හා දැනුම ලබා දීමට ද ව්‍යාපෘති අංශය සැලසුම් සකස්කර ඇත .

    වගා කරනු ලබන බුලත් අපණයනය සදහා සැලසුම් කර ඇති අතර  දැනට අපණයනය සදහා නිශ්පාදනය කරනු ලබන දොම්පේ ප්‍රාදෙශීය ලේකම් කොට්ටාසයේ තෙල්කැකුණ ග්‍රාම නිලධාරි වසමේ බුලත් ගොවියන්ගේ සංගමය සමග දැනුම බෙදා ගැනීම සදහා පසුගිය දා ගොවි මහතුන් එම වගාබිම් බලා කැදවාගෙන යාමට කටයුතු කරන ලදි. එහිදී සංගමයේ සභාපති විශ්‍රමලත් විදුහල්පති ආරියරත්න මහතා උපදෙස් ලබාදීම සිදුකරන ලදි .

    ගොවි මහතුන්ට ශක්තියක් වන්නට යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් චන්දිම මුහන්දිරම්, මහා සංගම් අධ්‍යක්ෂිකා තුෂානි උඩුකල, මුලස්ථාන ග්‍රාම නිලධාරි ඉන්දිකා නිල්මිනි, සංවර්ධන නිලධාරි උපුල් සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් සහභාගි විය .දොම්පේ මාලිද සමෘද්ධි කලාපයේ කලමණාකාර තුමා, ක්ෂ්‍රේත්‍ර සහකාර තුමිය, තෙල් කැකුණ ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරි තුමා, සමෘද්ධි සංවර්ධන නිලධාරි ප්‍රියන්ත මහතා ඇතුලු සැම දැක්වූ සහයෝගය ඉමහත්ය.


ජෙ.එල්. ගාමිණී
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

No comments:

Post a Comment