Tuesday, July 11, 2017

ලෝක ආහාර වැඩසටහන යටතේ ගංවතුරෙන් විපතට පත් සමෘද්ධිලාභීන්ට ජීවනාධාර ........


    පසුගිය මැයි මාසයේ අග ඇතිවූ අධික ගංවතුර තත්ත්වයෙන් ආපදාවට පත් වූ දිස්ත්‍රික්ක කිහිපයක සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ජීවනාධාර මුදලක් ලබා දීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

    මෙම වැඩසටහන පිළිබඳව තොරතුරු අනාවරණය කරන ලද්දේ අද දින ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි මාසික ප්‍රගති සමාලෝචන වැඩසටහනේදීය. මෙහිදී අනාවරණය කළ පරිදි මෙම ලෝක අහාර වැඩපිළිවෙල ගාල්ල, රත්නපුර හා කළුතර වැනි ගංවතුරින් දැඩි ලෙස හානි සිදුවූ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවයි.

     එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, නාගොඩ, බද්දේගම , ඇල්පිටිය සහ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තෝරා ගෙන ඇති අතර එම කොට්ඨාස වල ගංවතුරෙන් සිය නිවාස යටවී හානියට පත් පවුල් 938 ක් සඳහා මෙම ජීවනාධර දීමනා ලබා දීමට කටයුතු කරනු ලැබේ. දැනටමත් එකී පවුල් හඳුනාගෙන ඇති අතර එක් මසකට රු.10000/= බැඟින් මාස දෙකක් සඳහා මෙම ආධාර මුදල් ලබා දීමට පියවර ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා ඩී.එස්. විතානගේ මහත්මිය විසින් පැහැදිලි කරන ලදි.

ප්‍රියන්ත කුමාර  කාරියවසම්
දිස්ත්‍රික් සන්නිවේදක
ගාල්ල

No comments:

Post a Comment