Tuesday, July 11, 2017

අම්බලන්ගොඩට කරවල නිෂ්පාදන පොකුරු ගම්මානයක්


     සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අම්බලන්ගොඩ බැංකු කලාපය තුල ධීවර කර්මාන්තයෙන් ජීවිකාව කරනු ලබන හිරේවත්ත, පටබැදිමුල්ල, විලේගොඩ, තල්ගස්ගොඩ ගොඩහේන ග්‍රාම නිලධාරී වසම් වල සමෘද්ධි ප්‍රතිලාභීන් එක්කර පොකුරු ගම්මානයක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

    දැනට කරවල නිෂ්පාදනය කර අලවි කරනු ලබන ප්‍රතිලාභී පවුල් හදුනාගෙන ඔවුන්ගේ පවුල්වල ආර්ථික, සමාජීය, සනීපාරක්ෂක පහසුකම් හා එම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන උපකරණ ලබා දීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව සූදානමින් සිටින බව සමෘද්ධි මූලස්ථාන කළමණාකරු නිහාල් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරන ලදි.

    ප්‍රතිලාභීන්ගේ යෝජනා හා අදහස් මත  හදුනාගත් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ හා උපකරණ ලබාදීමේ යෝජනා හදුනා ගැනීම් කර ඇති බවත් හදුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම  උපකරන ලබාදීම හා යටිතල පහසුකම් ලබාදීම සදහා රුපියල් හැත්තෑ දෙලක්ෂයක පමණ මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල  සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් යෙදවීමට බලාපොරොත්තු වන බවත්, ප්‍රතිලාභීන්ගෙන් සැදුම්ලත් සමිතියක්ද පිහිටුවා ඇති බව ව්‍යාපෘති කළමණාකරු යූ.ඒ. අනුරාධිනී මහත්මිය පවසන ලදි.

     මෙම ව්‍යාපෘතිය සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිල මාසකෝරාල මහතා විසින් පසුගියදා නිරීක්ෂනය කරනලදි. මෙම ව්‍යාපෘතිය ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩී.එස්. විතානගේ මහත්මයගේ මගපෙනවීම මත අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් එච්.කේ. සරසි එස්.ගුණසේකර මහත්මියගේ පූරණ අධීක්ෂණය යටතේ ප්‍රජාමූල බැංකු සමිතිය මගින් ක්‍රියාත්මක කරයි.

ජේ.පී. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment