Friday, July 14, 2017

ආබාධිත රස වින්දනය මෙහෙමයි

   කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආබාධිත සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රස වින්දනාත්මක වැඩසටහනක් පසුගියදා කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සහ විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ සංවිධාන සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පීඩාකාරී මානසිකත්වය තත්ත්වයන් අවම කිරීමත් විනෝදය සදහා මත්ද්‍රව්‍ය හෝ දුම්වැටිවලින් විශේෂත්වයක් නැති බවත් පැහැදිලිව පෙන්වාදීම අරමුණ කොට මෙම වැඩසටහන පවත්වන ලදි.

    කරන්දෙනිය සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ සහ කාර්යාලයීය සමාජ සේවා අංශයේ පූර්ණ දායකත්වය මත ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානවල සංගීත ශිල්පීන් විසින් මෙම අවස්ථාව රස ගන්වන ලදි. කරන්දෙනිය සංස්කෘතික පදනමේ සාමාජිකයන් සහ කාර්යාලයීය නිලධාරීන් ගීතවත් වෙමින් මත්ද්‍රව්‍ය හෝ වෙනත් අතිරේක උත්තේජන වලින් තොරව දවස පුරා ඉතාම රසවත් අත්දැකීමක් සියළු දෙනාටම ලබා දෙන්නට හැකියාව ලැබිණි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment