Friday, July 14, 2017

රත්ගමට හා මාදම්පාගමට ප්‍රාදේශිය ලේකම් උප කාර්යාල දෙකක්


      ග්‍රාම නිලධාරි වසම් 97 කින් සමන්විත හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව සැපයිමේ අරමුණින් පසු10 දින රත්ගමට හා මාදම්පාගමට උප කාර්යාල දෙකක් විවෘත කරන ලදි. මේ  අවස්ථාවට  ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, විදේශ කටයුතු  ගරු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමා, දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මැතිතුමා, දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ මැතිතුමා, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති පරණගම මැතිණිය, ගාල්ල දිස්ත්‍රික් ලේකමි  සිසිර කොඩිකාර මහතා,  හික්කඩුව වැඩබලන ප්‍රාදේශීය ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා,  සහකාර ප්‍රාදේශිය ලේකම් ඩී.එන්.පී. කුලරත්න මිය,  ගණකාධිකාරී ටී.ඩී. මනම්පේරි මෙය ඇතුඵ රාජ්‍ය නිලධාරීන් ද ප්‍රදේශවාසීන්  විශාල පිරිසක් ද සහභාගී විය.

     හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වසම් 97 කින් යුක්ත වූ ගාලු දිස්ත්‍රිකයේ විශාලම කොට්ඨාසයයි. මෙහිදී රත්ගම උප කාර්යාලයට අයත් පවුල් සංඛ්‍යාව  12424 කි. නිවාස සංඛ්‍යාව 10747කි. ආගම් අනුව බෞද්ධයන් 46078 ක්ද කිස්තියානි 66 ක්ද හින්දු 91 ක්ද ඉස්ලාම් 13 දෙනෙක්ද වෙයි. මේ  අතරින් සමෘද්ධි සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව රු:3500න් 905 ක්ද රු: 2500න් 417 ක්ද රු: 1500න් 1204ක්ද  රු: 420න් 248 ක්ද  ග්‍රාම නිලධාරී වසම් 32 ක  තොරතුරු (42 පිටිවැල්ල උතුර  සිට 50 බී බෝපාගොඩ වසම දක්වා) මෙයින් පැහැදිලි වෙයි.
  
      තවද  මාදම්පාගම උප කාර්යාලයට අයත් පවුල් සංඛ්‍යාව  10858 කි. නිවාස සංඛ්‍යාව 9570කි. ආගම් අනුව බෞද්ධයන් 46000ක්ද මේ  අතරින් සමෘද්ධි සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව රු:3500න් 1210ක්ද රු:2500න් 522 ක්ද රු: 1500න් 1098ක්ද  රු: 420න් 382 ක්ද වන අතර ( 61 තොටගමුව වසමේ සිට 80ඩී දෙල්දූව වසම දක්වා)  ග්‍රාම නිලධාරී වසම් 38 ක් ඇතුලත් වෙයි. 

එම්. අනෝමා මෙන්ඩිස්  
සමෘද්ධි සංනිවේධක
හික්කඩුව

No comments:

Post a Comment