Wednesday, July 26, 2017

සමෘද්ධි දිරිය පියසෙන් නිවසක්

 
   සමෘද්ධි සහනාධාරලාභී සහ අඩුආදායම්ලාභී පවුල් වල නිවාස අවශ්‍යතාව සපුරාලීම අරමුණ කොට රටපුරා ක්‍රියාත්මක සමෘද්ධි දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහනට අදාළව කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2017 වසරේ ඉදිවෙමින් පවතින නිවාස 02 අතර 39F හල්ගහවේල්ල වසමේ සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ ටී.එච්. පේමවතී මහත්මියගේ නිවාසය මුල්ගල තබා වැඩ ආරම්භ කිරීම පසුගියදා සුභ මොහොතින් සිදුවිය.

   මෙම නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු සමාජ සංවර්ධන අංශය වෙතින් එක් නිවාසයක් වෙනුවෙන් කොටස් වශයෙන් රු:150000/= ක මුදලක් බැගින් ලබාදීමට නියමිතව ඇත. මෙම වැඩසටහන වසම්භාර නිලධාරීන් විසින් මෙහෙයවීමේ වගකීම දරණ අතර ප්‍රාදේශීය ලේකම් ප්‍රධාන සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වේ.

   ලබාදීමට යෝජිත මුදල සම්පූර්ණයෙන්ම පරිත්‍යාගයක් වන අතර නිවෙස් හිමියන් ලබාදෙන දායකත්වය සහ කැපවීම මත අංගසම්පූර්ණ නිවාසයක් අදාල පවුල වෙත ලැබෙන හෙයින් පවුලේ නිවාස ගැටලුව වසර 20කට පමණ විසදීයනු ඇත.

   මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි භාවිතයෙන්යුත් විනය පිරිහුණු ගෙදර වෙනුවට සතුට සොම්නස පිරුණ නිවහනක් සෑම පවුලකටම හිමිවන මානුෂික උරුමකම සැකසීමේ මෙම වැඩසටහන කරන්දෙනිය කොට්ඨාශයේ ඉතාම උසස් මට්ටමින් ක්‍රියාත්මක කිරීම ඉලක්කය බව සමාජ සංවර්ධන නිලධාරීවරයා පැවසීය.


එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment