පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු අදායම් ලාභීන්ට නිවාස හා වැසිකිලි සාදා ගැනීම සදහා සමෘද්ධි සමාජ සංවර්ධන අරමුදලින් මුදල් පරිත්‍යාග කිරීම පසුගියදා පුත්තලම සහකාර ප්‍රාදේශිය ලේකම් එස්.පී. වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මේ සදහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල ඇති පුත්තලම හා පාලවිය යන කළාප දෙකම නියෝජනය වන පරිදි ප්‍රතිලාභීීන් තෝරාගෙන තිබිණි. එහිදි නිවාස ඉදිකිරීම සදහා රු. 50000.00 බැගින් පුද්ගලයින් 10 දෙනෙකුටද වැසිකිලි ඉදි කිරීම සදහා රු.15000.00 බැගින් පුද්ගලයින් 39 දෙනෙකුටද මුදල් ලබා දුන් අතර මුලු මුදල රුපියල් 1085000.00කි.
පුත්තලම මුලස්ථාන කළමණාකරු බී.එම්. උපුල් නයනානන්ද මහතා, බැංකු සමිති කළමණාකරු ඩී.එම්. ධර්මවීර මහතා, පුත්තලම සමෘද්ධි බැංකුවේ කළමණාකරු ඩබේ.එම්.එස්.කේ. වාසල මහත්මිය, පාලාවිය සමෘද්ධි බැංකු කළමණාකරු ප්‍රියන්ත රණසිංහ මහතා සමාජ සංවර්ධන සහකාර කුමාරසේන මහතා සහ කොට්ඨාශයේ සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටිහය.
චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම


No comments:
Post a Comment