Thursday, July 13, 2017

උඩරට දුම්රිය මාර්ගයේ තැපැල් දුම්රිය පිළි පනි



    උඩරට දුම්රිය මාර්ගයේ  අළුයම සිදුවු දුමිරිය පිළි පැනිම් නිසා මගීන් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුලත් කර තිබේ. කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රී තැපැල් දුම්රිය  අළුයම 2.30 ට පමණ කොටගල දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රදේශයේදි 110 ½ (අඩි 60 පාලම) අනතුරට පත්ව තිබේ. මෙම පිළි පැනිමේදි මගී ප්‍රවාහහන මැදිරි හතරක් පමණ මාර්ගයෙන් ඉවතට පැන ඇදි ගොස් තිබෙන අයුරු දක්නය ලැබේ. එමෙන්ම එම අනතුරෙන් උඩරට දුම්රිය මාර්ගයටද බරපතල හානි සිදුවි තිබේ. එමෙන්ම පාලමටද අලාභ හානි සිදුවි ඇත.

      තුවාල කරුවන් දෙදෙනා සැමියා හා බිරිද වන අතර ඔවුන්ගේ පාද වලට තැලිම් තුවාල සිදුවි ඇති බවත් බරපතල තත්ත්වයේ නොවන බවත් දික්ඔය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය. දුම්රිය දෙපාර්තමෙන්තුවේ නාවලපිටිය නඩත්තු අංශය විසින් දුම්රිය පිළි ගත කිරිමේ හා මාර්ගය පිළිසකර කිරිම කඩිනමින් සිදුකරමින් ඉදිරි දුමිරිය ධාවනයට අවශ්‍ය කටයුතු සලසමින් සිටි.

 චන්දන ජයවීර
 සමෘද්ධි ගමන සන්නිවේදක
 හැටන්

No comments:

Post a Comment