Tuesday, July 25, 2017

කරන්දෙනිය කොට්ඨාශයේ පුහුණුවීම් අඩුආදායම්ලාභීන්ට


      සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් රටපුරා ක්‍රියාත්මක ජීවනෝපාය සංවර්ධන වැඩසටහනට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභී සහ අඩුආදායම්ලාභී ප්‍රජාවගේ ජීවන මට්ටම නගාසිටුවීමේ අරමුණින් ස්වයං රැකියාලාභීන් සදහා විශේෂ පුහුණුවීම් මාලාවක් පැවැත්විමට සමෘද්ධි ව්‍යාපෘති අංශය කටයුතු යොදා ඇත.

  ඒ යටතේ පහත සදහන් අයුරින් පුහුණුවීම් සැලසුම් කොට ඇත.
1. මහණ මැෂින් අලුත්වැඩියාව සහ නඩත්තුව - ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 
2. විසිතුරු මත්ස්‍ය අභිජනනය - ජලජීවී වගා සංවර්ධන අධිකාරිය 
3. නව්‍ය අලෙවිකරණ ක්‍රමෝපායන් හදුන්වාදීම - කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරිය 
4. කසළ කලමනාකරණය සහ කාබනික පොහොර නිශ්පාදනය - ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය 
5. විවිසිතුරු මල් වගාව සහ දියරමය පොහොර නිශ්පාදනය - කෘෂිකර්ම පුහුණු පාසල පෝද්දල යන ආයතනවල සම්පත් දායකත්වය ලබාදීමට කටයුතු සූදානම් කොට ඇත.

      මේ අතරින් මහණ මැෂින් පුහුණු වැඩසටහන පසුගියදා කරන්දෙනිය සමෘද්ධි බැංකු සමිති  ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකවරුන් විසින් පවත්වන ලදි. අනෙකුත් පුහුණුවීම් අදාල ආයතනවලින් දින වෙන්කොට දෙන පරිදි පවත්වන බව ව්‍යාපෘති කලමනාකරු සමන්ත බේරුවල මහතා පැවසීය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment