Tuesday, July 25, 2017

සමෘද්ධියෙන් සවිය ලබා රටම දිනු පැහැසර අක්කා


   ගාල්ල දිස්ත්‍රික්කය පුරා කුඵබඩු වෙළද ක්ෂේත්‍රයේ ''පැහැසර" නාමය ගැන නොදන්නා අයෙක් නොමැති තරමටම ඇයගේ නිශ්පාදන ජනප්‍රියය. ඒ පාරිභෝගියන්ගේ රස නහර පිනවන්නට ප්‍රමිතියෙන් උසස් නිශ්පාදන ඔවුන් වෙත ලබාදෙන්නට ඇය ට තිබු හැකියාව නිසාමය. අනේක වු දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු ඇගේ කථාව සැබැවින්ම දියුණවන්නට සිතන ඕනෑම කෙනෙකුට ලැබෙන වටිනා පාඩමක් බව කිව යුතුමය.

    ගාල්ල, තලගහ, කාල්ටන් සිටි හි පදිංචි ඇය නමින් ශ්‍රියාණි හෙට්ටිආරච්චිය. නමුත් බෝහෝ දෙනෙක් ඇය හදුනන්නේ පැහැසර අක්කා ලෙසිනි. ඒ ඇයගේ නිෂ්පාදන ඒ තරමටම ඔවුන්ගේ ජීවිත වලට සමීප වු නිසාමය. ශ්‍රියාණි මහත්මිය තම කුඵබඩු වෙළද වයාපාරය අරඹන්නේ 2008 වර්ෂයේදී මිරිස් කුඩු, තුනපහ කුඩු, ඇතුඵ කුඵ බඩු නිෂ්පාදන වෙළද පොළට එක් කරමින්ය. ඇය තමන් සතුව තිබු රුපියල් පහලොස්දහසක මුදල මුලිකවම වයාපාරය ආරම්භ කිරීමට යොදවමින් වෙළද සැල් කිහිපයකට තම නිෂ්පාදන ලබා දෙමින් එය අරඹා ඇති අතර ඇයගේ නිෂ්පාදන වල ගුණාත්මක තත්ත්වය හා ඇති රසය නිසාම ඇයට සපුරාලිය නොහැකි තරම් ඇණවුම් ලැබෙන්නට විය. ඒ හේතුවෙන් තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට බලවත් අවශ්‍යතාවක් පැවතියද මුල්‍ය දුෂ්කරතාවයන් නිසාම ඒ සදහා අවස්ථාවක් නොලැබුනු නුමුදු ඇය තම උත්සාහය බිදකුදු අඩු කර නොගෙනම තම ව්‍යාපාරය දියුණු කර ගන්නට මාවතක් සොයන්නට විය.

     සමෘද්ධි ලාභිනියක නොවුවද තම ගම්මානය තුල ක්‍රියාත්මක සමෘද්ධි සමිතිය හා එක්වන ඇය එ තුලින් ගොඩනැගෙන කුඩා කණ්ඩායම් තුලින් රුපියල් විසිපන්දහසක ණය මුදලක් ලබා ගන්නට සමත් වන්නේ මේ අතරතුරය, ඉන් තම ව්‍යාපාරය නැවත පුඵල්ව ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු සලසා ගන්නා ඇය තමන්ගේ නිෂ්පාදන තවත් ඉදිරියට ගෙන යමින් මැලේ අච්චාරු මිශ්‍රණය, බුරියාණි මිශ්‍රනය චිලි පේස්ට් මිශ්‍රණය වැනි නව නිෂ්පාදන කිහිපයක් වෙළද පොළට ඉදිරපත් කරන්නීය. එ සදහා ඇයට  වෙළද පොලෙන් දැඩි ඉල්ලුමක් ලැබෙන අතරම තමන් ලබා ගත් ණය මුදල තෝරාගත් කාලයටත් අඩු කාලයකින් පියවා අවසන් කරන ඇය නැවත රුපියල් පනස් දහසක ණය මුදලක් සමෘද්ධි වැඩසටහන ඔස්සේ ලබා ගන්නට සමත් වන්නීය. එම මුදලින් තම නිෂ්පාදන වල ගුණාත්මක භාවය මෙන්ම ප්‍රමිතිය වර්ධනය සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ඇය මුල් වරට තම නිෂ්පාදන බාර් කෝඩි අංක සහිතව හා උසස් ප්‍රමිතියකින් යුතු අසුරණ මගින් වෙළද පොලට ඉදිරිපත් කරන්නට සමත් විය. ඒ නිසාම ඇගේ නිෂ්පාදන සදහා සුපිරි වෙළද සැල් වලින් ඉහල ඉල්ලුමක් ලැබෙන්නට වු අතර ඇය බෝතල් කල අහාර වර්ගද නිෂ්පාදනය මේ සමඟම ආරම්භ කලාය. ඉන් නොනැවතී රාජ්‍ය  අංශය හරහා නැවත රුපියල් දෙලක්ෂ පනස් දහසක ණය මුදලක් ලබා ගන්නා ඇය එමගින් තවත් නිෂ්පාදන රාශියක් අඵතින් වෙළද පොලට හදුන්වා දුන් අතර නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය  උපකරණද තමන් වෙතම සපයා ගන්නට අවස්ථාව සලසා ගෙන ඇත.

     මේ අතර වාරයේදී සාර්ක් සංවර්ධන අරමුදල හා ක්‍රියාත්මක කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් හා එක්වන ඇය ඉන්දියාවේ මයිසුර් නුවර දකුණු ආසියාණු අාහාර තාක්ෂණ පාර්යේෂණාගාරයෙන් අහාර නිෂ්පාදන පිළිබද දැනුම ලබා ගත් අතර, ඉන්දියාවේ මුම්බායි නුවරදී ඇසුරුම්කරණය පිලිබද පාථාමාලවක් හදාරන්නටද  අහමදාබාද් නුවරදී ව්‍යාපාර කළමණාකරනය පිලිබද වැඩිදුර අධ්‍යාපනය හදාරන්නටද අවස්ථාව උදාකරගන්නා ලදි.

   මේ සියඵ අවස්ථාවන් දිරියෙන් තම ව්‍යාපාරය ගොඩනගන්නට වැය කල ඇය 2013 වසරේදී ගාල්ල දිස්ත්‍රික්යේ හොදම සමෘද්ධි වවසායිකාව බවටද 2017 වර්ෂයේදී දකුණු පළාත් සභාව මගින් බෝපේ පෝද්දල කොට්ඨාසයේ සුවිශේෂි කාන්තාව ලෙස සම්මානයෙන් පිදුම ලබන්නට අවස්ථාව උදාකර ගත්තාය.  ඒ අතරම ගෘහස්ථා කාන්තා අහාර නිශ්පාදිකාවන්ගේ නිෂ්පාදන දිරිගන්වමින් ඔවුන් සවිබල ගන්වන දකුණු ආසියානු සංවර්ධන අරමුදල හා සමෘද්ධි ව්‍යාපාරය එක්ව ක්‍රියාත්මක සභා ශ්‍රී ලංකා වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කල අතර, ඇයගේ සේවය අගයමින් එම ආයතනයේ සමස්ත සාර්ක් කලාපයේම අධ්‍යක්ෂකවරිය ලෙස පිදුම් ලබන්නටද සමත් වුවාය.
වර්ථමානය වන විට ඇය තමන් වැනිම කාන්තා වවසායකින් දිරි ගන්වන වැඩසටහනක් දකුණු ආසියා කලාපය පුරාම ක්‍රියාවය නැංවිමට තම දායකත්වය හා දැනුම බෙදා හරිමින් අති සාර්ථක වවසායකාවක් බවට පත්ව සිටින්නීය.

ඩී.ඒ.පී සුරංජිත්
සමෘද්ධි දිස්ත්‍රික් සන්නිවේදක
ගාල්ල

No comments:

Post a Comment