Tuesday, August 1, 2017

සමෘද්ධි වවසායකයන්ට නව්‍ය අලවිකරණ උපකම පිළබඳ පුහුණු වැඩ සටහනක්


     හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  සමෘද්ධි වවසායකයන්ට නව්‍ය අලවිකරන  උපක්‍රම පිළබඳව දැනුම වර්ධනය කිරිමේ එක් දින පුහුණු වැඩ සටහනක් හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි  පසුගියදා (25) දින පැවැත්විණි.    

    මෙහිදී සිය නිෂ්පාදනයන් පිළිබදව එක් එක් නිෂ්පාදකයා සමග ඔවුන්ගේ ගැටලු හා නව්‍ය අලෙවි ක්‍රම පිළිබදව අදහස් හුවමාරැ කර ගනිමින් සිය පලපුරැද්ද බෙදා ගැනීමට සම්පත් දායකයන් ලෙසින් සහකාර අධ්‍යක්ෂ මණ්ඩලවත්ත  සහ සහකාර අධ්‍යක්ෂ එම්.පී.ඩබ්. ජයසේකර මහත්වරැන් විසින් හරවත් දේශන පැවැත්විය. මෙහිදී මිල ගණන්, තරග කරැවන් හා ගැටෙමින් සිය නිෂ්පාදන තරගකාරි ලෙස අලෙවි කරන ආකාරය පිළිබදව සාඛච්චාවට බදුන් කෙරිණි.

    මෙම අවස්ථාවට මුලස්ථාන  කලමණාකරු කේ.එච්. ගොතික්, ව්‍යාපෘති කලමණාකරු අනෝමා ශ්‍රීමති, බැංකු සමිතියේ කලමණාකරු ප්‍රියානි දේවිකා යන මහත්මීන් අැතුලු වවසායකයන් විශාල පිරිසක් සහභාගි විය. 

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment