Tuesday, August 1, 2017

සමෘද්ධි දිස්ත්‍රික් ප්‍රජාමූල සංවිධානය බිහිවේ..... සභාපති ගමට..........


    පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රජාමූල සංවිධානය පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 07ක් නියෝජනය කරමින් ගරු සභාපති මහත්ම මහත්මීන් සහභාගී වූ අතර අවුරුදු 21ක සමෘද්ධි වැඩසටහනේ ගමන්මගත් සමග සමෘද්ධි පනතින් ග්‍රාමීය ප්‍රජාවට තම අදහස් හා යෝජනා දෙපාර්තමේන්තු ඉහල නිලධාරින් හා සෘජුව ගෙන ඒමේ මහගු අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැක.

    පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රජාමූල සංවිධාන ගරු සභාපති තුමා වශයෙන් මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 92 කවුඩුලුවැව ග්‍රාම නිලධාරි වසමේ ප්‍රජාමූල සංවිධානයේ ගරු සභාපති ඩබි.එල්. ප්‍රියන්ත විජේසිංහ මහතා තේරී පත්විය.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment