Monday, August 14, 2017

කරන්දෙනියේ කැකුළු ළමා වැඩසටහන


    කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාමාජිකයන් තුල ආකල්ප සංවර්ධනයට අදාළව ජය පරාජය එකසේ විදින සංවිධානාත්මකව කණ්ඩායම් ක්‍රියාකාරකම්වල එක්ව සිටින පරපුරක් උදෙසා විශේෂ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සමෘද්ධි සමාජ සංවර්ධන පදනම කටයුතු යොදා ඇත.

     2017.08.05,08 සහ 14 දිනවලදී බොරකන්ද ටී.ඩී. සමරවීර ක්‍රීඩාංගණයේදී පුහුණු ක්‍රිකට් තරග මාලාවක් හා 2017.08.15,18,24,30 සහ 2017.09.04 යන දිනවල කල්වාරිය / කන්නෙලිය / දුටුගැමුණු විහාරය / ගලගොඩ ශෛලතලාරාමය / සීනිගම දේවාලය / දෙහිවල සත්ව උද්‍යානය ඇසුරෙහි අධ්‍යයන චාරිකා මාලාවක් සහිත මෙම වැඩසටහන සදහා දරුවන්ගේ දෙමාපියන්ගෙන් ඉහළම ප්‍රතිචාර ලැබෙන බව සමාජ සංවර්ධන නිලධාරී සහ අදාල වසම්භාර නිලධාරීන් පැවසීය.

    පලමු ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට කරන්දෙනිය මූලස්ථාන සමෘද්ධි කළමණාකරු තිලක් ගුණරත්න මහතා සහභාගී විය. එහිදි අදහස් දැක්වූ කලමණාකරු මෙම වැඩසටහන ඉතා වැදගත් කාලෝචිත එකක් වනවාසේම සියළු දෙනාගේම වගකීම මෙන්ම කැපවීම මෙහිදි සමාජ සංවර්ධන අංශයට ලබා දිය යුතු බවත් දරුවන් ආරක්ෂා සහිතව යෙදවීම කාර්ය භාරය බවත් පැවසීය. 

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment