නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය 2017 මැයි මස 26 වන දින පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් පාසල් ළමුන් සදහා පාසල් උපකරණ ලබා දිමේ වැඩසටහනක් නෙළුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පසු ගිය 11 දින පැවැත්විණි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගරැ අමාත්‍ය එස්. බී. දිසානායක මැතිතුමාගේ හා අධ්යක්ෂ ජනරාල් නීල් හපුහින්න මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සමෘද්ධි සහන සේවා වැඩසටහන යටතේ නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක වු මෙම වැඩසටහන සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (මානව සම්පත්) තිළිණි විජේරත්න මැතිණියගේ සහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඩී.එස්. විතානගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එම අවස්ථාව සදහා නෙළුව සහකාර ප්‍රාදේශිය ලේකම් වරුණි රසාදරී මහත්මිය ඇතුළු සමෘද්ධි කළමණාකරුවන් සහ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවේදී ගංවතුරින් පීඩාවට පත් ළමුන් 400 දෙනෙකු සදහා පාසල් උපකරණ ලබාදීමට කටයුතු සංවිධානය කරන ලදී.
එච්. ජී. අරැණ ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නෙළුව
No comments:
Post a Comment