Saturday, August 12, 2017

ගාලු දිසාවේ සමෘද්ධි දිස්ත්‍රික් කමිටුව පිහිටුවා අවසන්........



2013 අංක 1 දරණ සමෘද්ධි පනත බලාත්මක වීමත් සමඟ එතෙක් සමෘද්ධි අධිකාරිය යටතේ පැවති ආයතන හා ආයතන ව්‍යුහයන් වෙනසකට ලක් කරමින් සැලසුම් සහගතව ප්‍රජාව වෙත සේවා සැපයීමේ ආයතනයක් ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි. ඒ අනුව ගම් මට්ටමින් පුද්ගල පදනම ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ ප්‍රජා සංවිධාන ජාලය පුළුල් කරමින් දිස්ත්‍රික් සංවිධාන පිහිටුවීම සිදු කරන ලදි.

මෙම වැඩසටහන යටතේ  නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් පරිදි සමෘද්ධි දිස්ත්‍රික් කමිටු පිහිටුවීම 2017.08.15 දිනට පෙර අවසන් කළ යුතුව තිබුණු අතර ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කමිටුව අද දින පව.1.30 ට ගාල්ල දිස්ත්‍රික් ලේකම් සිසිර කොඩිකාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී පිහිටුවන ලදි.

මෙහි මුලසුන හෙබවූ දිස්ත්‍රික් ලේකම් තුමන් වැඩසටහනෙහි උනන්තිය වෙනුවෙන් ප්‍රජාවට ඇති අයිතිය සහ බලය පිළිබඳව පැහැදිලි කර අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින දිළිඳුකම සුවිශේෂි එකක් වන බවත් දිස්ත්‍රික්කයේ දිළිඳුකමේ ප්‍රතිශතය ජාතික අගයට වඩා ඉහළ අගයක් ගනු ලබන බැවින් මෙම තත්ත්වය වෙනස් කිරීමෙහිලා ප්‍රජා නායකයින්ගේ දායකත්වය  වැඩ වැඩියෙන් අවශ්‍ය වන කාලයක් බවත් අවධාරණය කරන ලදි.

සමෘද්ධි වැඩසටහනෙහි වෙනස්වීම් කෙසේ සිදු විය යුතු දැයි  පිළිබඳව වැඩිදුර සාකච්ජාවක් ද සිදු කළ අතර 2017.08.23 වන දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙන සමෘද්ධි ජාතික සම්මේලන සදහා සහභාගී වන පිරිස දැනුවත් කිරීම ද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 නියෝජනය කරමින් සමෘද්ධි ප්‍රාදේශීය කමිටුවල සභාපති ලේකම්වරුන් මෙන්ම සමෘද්ධි ප්‍රජා මූල සමිති කළමනාකරුවන් සහභාගී  වූ අතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ තුමිය ඇතුළු නිලධාරීන්   රැසක් ද සහභගී වී සිටින ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ප්‍රභාත් සුරංජිත්
ගමන සමූහ

No comments:

Post a Comment