Saturday, August 12, 2017

පවුලක සතුට වෙනුවෙන් ආකල්පමය වර්ධනයක්


     මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රජාමූල සංවිධානවල සභාපති ලේකම් මහත්ම මහත්මීන් හා එම පවුල් වල ස්වාමියා භාර්යාව සහ සම්බන්ධ කරමින් සතුටු පවුල් වැඩසටහන් 03ක් දිවුලන්කඩවල දියසෙන්පුර හා මණ්ඩලගිරිය කලාප වල ක්‍රියාත්මක කරන ලදි.

     මැදිරිගිරිය සමාජ සංවර්ධන පදනම මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චි මහතාගේ උපදෙස් මත  මූලස්ථාන කළමණාකරු වන එස්.එම්. දුරුතු කුමාරි මහත්මියගේ මගපෙන්වීමෙන් හා කළමණාකාර අධ්‍යක්ෂක චන්දන සුගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්  සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී ආර්.එම්.එස්.කේ. මුණසිංහ ආරච්චි මහතා විසින් සංවිධානය කරන ලදි.

      පවුලක සතුට රදාපැවතීම පිලිබදව හා පවුලක් සතුටෙන් මිදීම යන කරුණු පිළිබදව දැනුවත් කිරීම සදහා සම්පත්දායකයින් වශයෙන් හිගුරක්ගොඩ සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී වි.ජි. උපාලි බණ්ඩාර මහතා සහ ලංකාපුර සමෘද්ධී සමාජ සංවර්ධන නිලධාරී ඩි.ජි. ජිනේන්ද්‍ර මහතා සහභාගී වු අතර කලාප කළමණාකාර මහත්ම මහත්මින් ඇතුළු කේෂ්ත්‍ර නිළධාරි මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවට සහභාගී වන ලදි.

       ප්‍රාදේශිය  ප්‍රජාමූල සංවිධාන ගරු සභාපති තුමා මෙම වැඩසටහන පිලිබදව කතා කරමින් කියා සිටියේ මෙවැනි වැඩසටහනකට එතුමා සහභාගීවූ පලමු අවස්ථාව බවත්, ඉතා වටිනා කාලෝචිත වැඩසටහනක් බවත්ය.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment